මිත්‍ර රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සමුළුවක් පැවැත්විය යුතු බවට යෝජනාවක්
2022-03-25 19:01:50
Share with:

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මනාව පැහැදිලි කෙරෙන රාජ්‍යතාන්ත්‍රික සමුළුවක් මිත්‍ර රටවල් සමඟ පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

එසේම රාජ්‍ය වියදම් සීමා කිරීම සහ කැබිනට් මණ්ඩලයේ විෂය පථය අධ්‍යයනය කොට කැබිනට් මණ්ඩලය සීමා කිරීමට පියවර ගත යුතු බවත් සර්ව පාක්ෂික සමුළුවට යෝජනා ඉදිරිපත් කරමින් සිරිසේන මහතා  පවසා තිබේ.

ප්‍රසම්පාදන සහ විගණන කොමිෂන් ස්ථාපිත කිරීම ද කාලීන අවශ්‍යතාවක් බවද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම