අගමැතිවරයා ඉන්දීය රජයේ අඛණ්ඩ සහයෝගය කෙරෙහි අපේක්ෂා පළ කරයි
2022-03-24 16:31:06
Share with:

ඉන්දියානු රජය ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳ සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳ  ඉදිරියේදී ද විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අපේක්ෂා පළ කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉන්දියානු රජය ලබා දෙන සහයෝගයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැතිවරයාට සිය ස්තුතිය පළ කර තිබේ.

විශේෂයෙන් ඉන්දියාව විසින් පසුගියදා ශ්‍රී ලංකාවට දුන් ණය ආධාර පිළිබඳ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට සිය ස්තුතිය පිරි නැමූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදීත් ඉන්දීය රජයේ සහයෝගය අපේක්ෂා කර සිටී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම