චීනය සෘජු විදේශ ආයෝජන සම්බන්ධව එක්තරා අධ්‍යයන මූලාශ්‍රයක්
2022-03-24 10:35:48
Share with:

සාම්ප්‍රදායික දේශපාලන න්‍යායන් බැහැර කරමින් ආර්ථික වර්ධනය වෙනුවෙන් විදේශ ආයෝජකයන්ගේ වේදිකාවක් චීනය තනා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.චීනය සෘජු විදේශ ආයෝජන සම්බන්ධව එක්තරා අධ්‍යයන මූලාශ්‍රයකි. චීනයේ ආයෝජන සංකල්ප ඉතාම වැදගත් තැනක් ගන්නා බව හෙතෙම කියා සිටී. සාමාන්‍යයෙන් දේශපාලනික න්‍යායක් ලෙස ගත්විට කොමියුනිස්ට් පාලනය බොහෝ විට විදේශ ආයෝජන බැහැර කිරීමක් දැකිය හැකිය. එහෙත් සාම්ප්‍රදායික දේශපාලන න්‍යාය බැහැර කරමින් ආර්ථික වර්ධනය වෙනුවෙන් විදේශ ආයෝජකයන්ගේ වේදිකාවක් චීනය තනා තිබේ. 2017 – 2020 කාලයේ ලෝකයේ දෙවන විදේශ ආයෝජන ප්‍රතිලාභියා වූයේ චීනයයි. ආර්ථික මෙන්ම නිෂ්පාදන බලවතෙක් වන චීනය, ලෝක ආර්ථිකයේ විශාල කොටසක් හසුරුවන අතරම තම මව්බිම තුළ විදේශ ආයෝජකයන්ට විවෘත කිරීමට ගෙන ඇති තීරණය වැදගත්ය. තමන්ගේ මව්බිමට පැමිණෙන විදේශ ආයෝජකයා ගෙන් තම ආර්ථිකය වර්ධනය කරගන්නා අතර එහි ප්‍රතිලාභ තම පුරවැසියාට ලබාදීමට චීනය සමත් ව ඇත. වර්තමාන ජනාධිපති ෂී ජින්පිං මහතා ගේ සුවිශේෂී නායකත්වය ‍මෙහිදී  වැදගත් වෙයි. ඔහු සම්බන්ධයෙන් අසාමාන්‍ය පුරවැසි ජනප්‍රියත්වයටද මේ නූතන න්‍යායන් බලපා ඇත. මේ විදේශ ආයෝජන සම්බන්ධයෙන් පලකරන විවෘතභාවය චීනයේ කලාපීය වශයෙන් සුහදභාවය වර්ධනය වීමටත් මෙය හොඳ අවස්ථාවක් ලෙසට විශ්වාස යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම