ආයෝජන ප්‍රවර්ධනයට ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය කමිටුවක්
2022-03-23 18:32:02
Share with:

ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුවක් පත් කෙරේ. එහි සභාපතිවරයා වන්නේ ජනාධිපතිවරයා යි. අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු එහි සාමාජිකයෝ වෙති. ඊට සහාය වීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වය යටතේ කමිටුවක් ද පත් කිරීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙ. රජයේ සංවර්ධන ඉලක්ක ළගා කර ගැනීම සඳහා ජාතික වශයෙන් ප්‍රමුඛ ක්‍ෂේත්‍රවලට අවධානය යොමු කර ඊට අදාල ආයෝජන අවස්ථා හඳුනා ගැනීම එහි අරමුණයි. ඒ අනුව අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසඳුම් ලබාදීම ද එම කමිටුවට පැවරේ.


ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම