චීනයේ මෙන් ශ්‍රී ලංකාවේත් නොවෙනස් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම කාලෝචිතයි
2022-03-22 09:23:59
Share with:

චීන ශ්‍රී ලංකා සබඳතාව නොබැඳි රටවල සබඳාතාවට කදිම ආදර්ශයක් බව ලයන්ස් තේ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ශිරාන් ගුණවර්ධන මහතා පවසයි.

චීන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වන සංවත්සරය යෙදෙන මෙම වසර‍ එම ආදර්ශවත් සබඳතාව මෙනෙහි කිරීමට සුදුසුම අවස්ථාවකි. දශක ගණනාවක් පුරා සෑම කල්හිම සිටින මිතුරන් දෙදෙනෙකු ලෙසට දෙරටේ සබඳතාව හැඳින්විය හැකිය. වෙළඳ කටයුතු මෙන්ම සංස්කෘතික හා සාමාජීය අංශයන් ගෙන් ද දෙරටේ සබඳතාව වර්ධනය වී තිබේ. චීනයේ අවස්ථා කිහිපයක දී සංචාරය කර ඇති තමන් චීනයේ දියුණුව සියැසින් දුටු බවද හෙතෙම කියා සිටී. ස්ථාවර ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරි‍යට ගෙන යාම චීන දියුණුවේ රහස ලෙසට තමන් විශ්වාස කරන්නේ යැයිද ශිරාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි. එවැනි ස්ථිරසාර ප්‍රතිපත්ති ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක කිරීමෙන් බොහෝ ගැටළුවලට කල් පවතින විසඳුම් සෙවිය හැකි යැයි ද ගුණවර්ධන මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම