කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන අපචාර සම්බන්ධයෙන් දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක්
2022-03-22 16:36:20
Share with:

කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන අපයෝජන අපචාර ඇතුළු තවත් සාපරාධි ක්‍රියාවන් සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල පොලිසියට පැමිණිලි ඉදිරිපත් නොවේ. එවැනි සිද්ධි සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දීම සඳහා මේ වන විට දුරකථන අංකයක් ක්‍රියාත්මක බව එම කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය දැනුම් දෙයි. 0112 444 444 එම අංකය වෙයි. ඒ පිළිබඳව සමස්ත පුරවැසියන්ගේම අවධානය යොමු කොට එවැනි අපරාධ වලක්වා ගනිමින් සමාජය යහපත් දිශාවකට යොමු කිරීමට දායකවන්නැයි නියෝජ්‍ය පොලිස්පතිතුමිය ඉල්ලිමක් කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම