ක්ෂේත්‍ර කිහිපයක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා ලෙස දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක්
2022-03-22 16:38:50
Share with:

ක්ෂේත්‍ර කිහිපයක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා ලෙස දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව ඊයේ ( 21) අංක 2272/09 අංක දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව විදුලි බල සැපයුම,රෝහල්වල සාත්තු නිවාසවල ,බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවාවක් වැඩ හෝ ශ්‍රමය යන සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර පසුගිය මස 22 වෙනිදා ද අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණ.

මෙම නව ගැසට් නිවේදනයට අනුව මීට පෙර නිවේදනය කර තිබූ අත්‍යවශ්‍ය සේවා වල කාලය දීර්ඝ කර ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම