මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති මුළු ආදායම ඩොලර් මිලියන 500 ඉක්මවයි
2022-03-21 16:20:32
Share with:

2021 ජනවාරි - පෙබරවාරි මාස දෙක තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාවට සාපේක්ෂව 2022 වසරේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 3,442.7% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2021 වසරේ ජනවාරි - පෙබරවාරි කාලපරිච්ඡේදයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 5,048ක් වන අතර 2022 වසරේ එම සංඛ්‍යාව 178,834කි.

මෙලෙස 2022 වසරේ මුල් මාස දෙක තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් සංචාරක ව්‍යාපාරය තුළින් එම කාල සීමාව තුළ ඉපැයූ මුළු ආදායම ද 2021 වසරට සාපේක්ෂව කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගෙන ඇත.

මෙහිදී මහ බැංකු දත්තවලට අනුව 2022 මුල් මාස දෙක තුළ දී සංචාරක කර්මාන්තයෙන් උපයා ගෙන ඇති මුළු ආදායම ඩොලර් මිලියන 582.7ක් වේ.

 

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම