ඩීසල් මෙට්‍රික් ටොන් 40 දහසක් අද දිවයිනට
2022-03-20 17:58:51
Share with:

ඩීසල් මෙට්‍රික් ටොන් 40 දහසක් අද මෙරටට ලැබීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශය කියාසිටී. ඉන්දීය ණය යටතේ ලැබෙන පළමු ඩීසල් තොගය මෙයයි.

අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා සිමෙන්ති කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුඵ භාණ්ඩ මිලදී ගැනීම සදහා ඉන්දියාව ඩොලර් කෝටි 100 ක ණයක් පිරිනමා තිබේ. ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයේදී ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබිණ.

මේ අතර, දැනට ඉන්දියාවෙන් ආනයනය කර වරායේ සිරවී ඇති භාණ්ඩ කඩිනමින් නිදහස් කරගන්නා බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එළඹෙන අලුත් අවුරුදු සමයේ වෙළෙඳපොළේ කිසිදු භාණ්ඩයක හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවට ඇමතිවරයා සහතික වෙයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම