ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
2022-03-19 19:22:30
Share with:

ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජෙරී රයිස් පවසන්නේ, එම සාකච්ඡාවල දී  විකල්ප අවස්ථා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සූදානම් බවයි. සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය ස්ථාවරත්වය පිළිබඳව මෙන්ම, සමාජයේ අවදානම් කොටස් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක අවශ්‍යතාව ශ්‍රී ලංකාවට පෙන්වා දී ඇතැයි ද ඔහු කියාසිටී.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව එහි වාසි හා අවාසි අධ්‍යයනය කර එම අරමුදල සමග එක්ව ක්‍රියා කිරීමට එකඟ වීම පිළිබඳව දේශීය ආර්ථික විශේෂඥයෝ ප්‍රසාදය පළ කරති.

මේ අතර, රාජ්‍ය සේවය කප්පාදු කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් ඉල්ලා නැතැයි, හිටපු අග්‍රාමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. පසුගියදා කොළඹ පැවති රැස්වීමකදී ඔහු අවධාරණය කළේ, පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතු බවයි. එමෙන්ම රටට අහිතකර  ක්‍රියාමාර්ගවලට එළැඹීමට එම අරමුදල ක්‍රියා නොකරනු ඇතැයි ද ඔහු විශ්වාසය පළකළේය.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම