බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමේ
2022-03-19 19:23:09
Share with:

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20) රාත්‍රියේ සිට වසා දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී ඇත.

පිරිපහදු කටයුතු සඳහා ප්‍රමාණවත් බොරතෙල් නොමැතිවීම ඊට හේතුවයි.

අවශ්‍ය බොරතෙල් පෞද්ගලික සමාගම් කිහිපයකින් ඇණවුම් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එම බලධාරීන් පවසන්නේ බොරතෙල් ලැබුණු විගස පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කරන බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම