ඉන්ධන නොමැතිවීම හා විදුලි කප්පාදුවෙන් තේ කර්මාන්තයට දැඩි බලපෑම්
2022-03-18 19:13:53
Share with:

ඉන්ධන නොමැතිවීම හා විදුලි කප්පාදුව හේතුවෙන් තේ කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි, තේ කර්මාන්තකරුවෝ පවසති.

තේ දලු මෙන්ම තේ පැළ හා පොහොර නිසිවේලාවට ප්‍රවාහනය කළ නොහැකිවීම,  විදුලි කප්පාදුව පවතින කාලයේදී යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි ජනක යන්ත්‍රවලට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම යනාදී  කරුණු හේතුවෙන් තේ වතු හිමියන් මෙන්ම කර්මාන්තශාලා හිමියන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව ඔවුහු කියාසිටිති.

සමස්ත ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පවසන්නේ, තේ දලු මැලවීමට පෙර ඇඹරීමට නොහැකිවුවහොත් රසය හා ගුණාත්මක බව අඩු වී, තේ අපනයනයට ද බලපෑම් එල්ලවනු ඇති බවයි.

මේ අතර, රුසියාවට සහ යුක්රේනයට තේ අපනයනය සම්පුර්ණයෙන් නතර කළ බව ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය පවසයි. පවතින යුද වාතාවරණය ඊට හේතුවයි. රුසියාවට තේ අපනයනය කිරීමෙන් වාර්ෂිකව මෙරටට ලැබුනු විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 15 කි.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම