විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව ලබන සතියේ කැබිනට්ටුවට
2022-03-17 19:24:30
Share with:

විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලිබල අමාත්‍යාංශය තීරණය කර තිබේ.විදුලිබල ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, එම අමාත්‍යාංශයේ ඊයේ (16) පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත.

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා යෝජනාවක් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර , සාකච්ඡාවේදී ඒ පිළිබඳ ඍජු අවධානය යොමු වී ඇත. ඒ අනුව, අදාළ යෝජනාව ලබන 21 වැනිදා  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍යවරිය පවසා තිබේ.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම