ජනතා ගැටළුවලට විසඳුම් ලබාදීමට දැඩි තීරණ ගන්නා බව ජනපති කියයි
2022-03-17 19:26:22
Share with:

පවතින අර්බුදය හැකි ඉක්මණින් විසඳා ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. මෙවැනි අර්බුදකාරී අවස්ථාවලදී රටක දේශපාලනඥයන්ගේ සහ බුද්ධිමතුන්ගේ වගකීම සාමූහිකව ප්‍රශ්නවලට විසඳුම් සෙවීම බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. ඊයේ (16) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ජනතාව අත්විඳින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා දැඩි තීරණ ගැනීමට අධිෂ්ඨාන කරගෙන ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග ණය වාරික ගෙවීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආනයන වියදම් පාලනයේදී මතුවන බරපතලම ගැටළුව ලෝක වෙළඳපළෙහි ඛනිජතෙල් මිල වේගයෙන් ඉහළ යාමයි. මෙරට ආනයන වියදමෙන් සියයට 20 කට වැඩි ප්‍රමාණයක් ඛනිජතෙල් මිලදී ගැනීම සඳහා වැය කෙරේ. ඉන්ධන හා විදුලිය භාවිතය හැකිතාක් සීමා කිරීමෙන් ජනතාවට ද මේ අවස්ථාවේදී රට වෙනුවෙන් සහාය දිය හැකිය. කෝවිඩ් වසංගතය හේතුවෙන් කඩා වැටුණු සංචාරක කර්මාන්තය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතී. පසුගිය කොරොනා වසංගතයට ශ්‍රී ලංකාව මුහුණ දුන් ආකාරය ජාත්‍යන්තර ආයතනවල පවා ප්‍රශංසාවට ලක්වූ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

ජනතාවගේම ආරාධනයෙන් දේශපාලනයට පිවිසි තමා කෙරෙහි, ඔවුන් අසීමිත විශ්වාසයක් තැබූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා එම විශ්වාසය කිසිවිටෙකත් කඩ නොකරන බවට යළිත් වරක් සහතික විය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම