ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කරුණු එක්සත් ජාතීන්ගේ විෂය පථයට කිසිසේත් අදාළ නොවන බව විදේශ ඇමති පවසයි
2022-03-16 18:54:00
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැච්ලේ මහත්මිය ඉදිරිපත් කළ වාර්තාවේ සියයට 85 ක් අඩංගු වන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කරුණු බව, විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ විෂය පථයට එය කිසිසේත් අදාළ නොවන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේය.

49 වන සැසිවාරයට සහභාගි වු රටවල් 45 න් 32 ක් ශ්‍රී ලංකාවේ ස්ථාවරය අනුමත කළ බව අමාත්‍යවරයා කියාසිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව දෙස පමණක් මෙලෙස අවධානය යොමු කිරීම යුක්තිසහගත නොවන බව ජී.එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේය. මෙරට අභ්‍යන්තර කටයුතු පිළිබඳව සොයා බලන්නේ නම්, අනෙකුත් රටවල් සඳහාද එය අදාළ විය යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිපත්තිය වන්නේ සියලු රටවලට එකසේ සැලකීම බැවින් ශ්‍රී ලංකාව කෙරෙහි පමණක් මෙලෙස ක්‍රියා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව අමාත්‍යවරයා පවසයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම