මුදල් ඇමති හා ඉන්දීය අගමැති අතර හමුවක්
2022-03-16 18:55:29
Share with:

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවෙයි.

නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදී අද (16) පස්වරුවේ මෙම හමුවීම සිදුවිය.

මීට අමතරව, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (16) එරට විදේශ කටයුතු ලේකම් හර්ෂ්වර්ධන් ශ්‍රිංලා මහතා හමුවිය.  ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.  බැසිල් රාජපක්ෂ මහතා  අද දිනයේ (16) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවීමට ද නියමිතව තිබිණ.

මේ අතර, ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් කෝටි 100 ක ණය මුදල අත්‍යවශ්‍ය ආහාර, අත්‍යවශ්‍ය ඖෂධ සහ දේශීය නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය ආනයනය සඳහා යොදා ගැනීමට රජය තීරණය කර ඇත.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම