‘ පූර්ණ මහජන ප්‍රජාතන්ත්‍රවාදය ’ චීනය අඛණ්ඩ ව තහවුරු කරයි
2021-10-15 10:35:22
Share with:

图片默认标题_fororder_rBABCmFoyJaAQeh4AAAAAAAAAAA957.1000x562

‘ යම් රටක් ජ්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නංවෙන්නේ ද නැද්ද යන්න, ඒ රටේ ජනතාව හිමියන් ලෙසට සැලකීමට ලක් කර තිබෙන්නේ ද නැද්ද යන්න සලකා බැලිය යුතු ’ යැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. පසුගිය දා පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාතික මහජන කොංග්‍රස කාරක රැස්වීමට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.

ෂී ජින් පිං මහතා එහිදී ගැඹුරුන් පහදා දුන් ‘ පූර්ණ මහජන ප්‍රජාතන්ත්‍රවාදය ’ යන සංකල්පය, ජනතාව හිමියන් ලෙසට සලකමින් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ජනතාවගේ ප්‍රායෝගික ඉල්ලුම් විසඳීම හා බැදුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයයි. චීන ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂීත්වය ද එම සංකල්පයෙන් විදහා දැක්වේ.

චීනයේ ‘ පූර්ණ මහජන ප්‍රජාතන්ත්‍රවාදයෙන් ’ ලද ජයග්‍රහණයන් මගින්, ‘ යම් රටක් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නංවන්නේ ද නැද්ද යන්න එම රටේ ජනතාව විසින් ඇගයීමට ලක් කළ යුතු ’ බව ලෝකය අවබෝධ කර ගෙන ඇත. වෙනත් රටවල පුද්ගලයින් සුළු පිරිසක් ඒ පිළිබඳව වෙනත් පාර්ශවයකට ඇඟිල්ල දිගු නොකළ යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කළ හැක්කේ ක්‍රමවේද රැසක් ඔස්සේ බව ද ලෝකයට පැහැදිලි ය.

අනාගතයේ, ‘ පූර්ණ මහජන ප්‍රජාතන්ත්‍රවාදය ’ චීනය අඛණ්ඩ ව තහවුරු කරනු ඇත. සුන්දර ජීවිතය කෙරෙහි ජනතාව දක්වන ආශාව සාක්ෂාත් කර ගනිමින්, මානවයාගේ දේශපාලන ශිෂ්ටාචාර උන්නතිය වෙනුවෙන් වඩාත් ප්‍රමුඛ මෙහෙවරක චීනය නිරත වනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන