තායිවාන බෙදුම්වාදයට අනුබල දුනහොත්, ඇමරිකාවට බරපතල ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදු වනු ඒකාන්තයි!
2021-08-06 14:44:56
Share with:

තායිවාන බෙදුම්වාදයට අනුබල දුනහොත්, ඇමරිකාවට බරපතල ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදු වනු ඒකාන්තයි!_fororder_2c9bf7971fda92b510e4c4e4e9365f25_480x-_80

චීනයේ තායිවාන ප්‍රදේශයට ඇ.ඩො. කෝටි 75ක අවි ආයුධ අලෙවි කිරීමේ සැලැස්මක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අනුමත කරන ලදි. එය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට බරපතල මැදිහත් වීමක් වන අතර චීනයේ ස්වාධිපත්‍යය හා ආරක්ෂක පලප්‍රයෝජනයන්ට හානි කිරීමකි. ජගත් නීතිරීති හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මූලික උපමානයන්ට පටහැනි එම ක්‍රියාව මගින් එකම චීනය පිළිබඳ මූලධර්මය හා චීන ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුන ද උල්ලංඝනය කර තිබේ. චීනය ඊට දැඩි ලෙස විරුද්ධ ය. තත්ත්වයට අනුව සාධාරණ හා අනිවාර්ය පියවර ගැනීමට චීනය සූදානමින් සිටියි.

මෑත වසර වල චීනය සම්පූර්ණ ලෙස මර්දනය කිරීමේ උපායමාර්ගික අරමුණෙන් යුතුව ඇමරිකාව ඊනියා Indo-Pacific උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම කඩිනම් කරමින් චීනයේ තායිවාන ප්‍රදේශය එහි කොටසක් ලෙස සලකා එය චීනය මර්දනය කිරීමේ මෙවලමක් ලෙසට යොදා ගැනීමට වෑයම් දරමින් සිටියි. මේ අතර බලවත් ඇමරිකාව හා සමීප වීම මගින් චීන මහ ගොඩබිම සමග ගනුදෙනු කිරීමේදී වැඩි වාසි ලැබිය හැකි බවට උපකල්පනය කරන තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක පක්ෂය, ‘මහ ගොඩබිමෙන් තායිවාන ප්‍රදේශයට යුද තර්ජන එල්ල වීම’ යන්න තායිවාන දූපත තුළ යළි යළිත් උද්දීපනය කර ඇත. විශාල පිරිවැයකින් ඇමරිකානු අවි ආයුධ මිලදී ගැනීමට උත්සාහ දරන ඔවුන්ගේ සැබෑ අරමුණ එමගින් තායිවාන ප්‍රදේශයේ ස්වාධිපත්‍යය ඉෂ්ට කිරීමය.   

එහෙත් ඇමරිකානු අවි ආයුධ, තායිවාන ප්‍රදේශයේ ජනතාවගේ මුදල් නාස්ති කිරීමක් මිස, එම ප්‍රදේශයට කිසිදු සුරක්ෂිතතාවයක් ගෙන දිය නොහැකිය. චීනයේ එක්සත්වීම ඕනෑම කෙනෙකුට ඕනෑම බලවේගයකට බාධා කළ නොහැකි ඓතිහාසික සත්‍යයකි. චීන ජනතාව හා චීන හමුදාව සිය රටේ ස්වාධිපත්‍යය හා ‍‍භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ අධිෂ්ඨාන අවතක්සේරු කර තායිවාන බෙදුම්වාදයට අනුබල දුනහොත්, ඇමරිකාවට බරපතල ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදු වනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන