‘ පෙර නොවූ විරූ අභියෝගයන් හමුවේ, විවිධ රටවල් පෙර නොවූ විරූ එකමුතුවෙන් යුතුව පොදුවේ මුහුණ දිය යුතු ’ යි --- චීන ජනපති කියයි
2021-02-10 10:41:03
Share with:

‘ පෙර නොවූ විරූ අභියෝගයන් හමුවේ, විවිධ රටවල් පෙර නොවූ විරූ එකමුතුවෙන් යුතුව පොදුවේ මුහුණ දිය යුතු ’ ය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(09) වීඩියෝ ආකාරයෙන් චීන-මධ්‍යම හා නැගෙනහිර යුරෝපා රටවල නායක සමුළුවේ මුලසුන දරමින් පැවැත්වූ දේශනයේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

ගත වූ වසර 9 තුළ, චීනය, මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල් 17ක් සමග සිදු කළ කැපී පෙනෙන සහයෝගිතාවයන් හෙතෙම සිහිපත් කළේ ය. මෙම ක්‍රමවේදයෙන් සිදු වී ඇති දැවැන්ත ප්‍රබෝධය චීනයට හා එම රටවල් 17 ට සුබසෙත සලසා දීම පමණක් නො‍ව, චීන-යුරෝපා පූර්ණ උපාය මාර්ගික හවුල්කාරීත්වයට අයත් අන්තර්ගතයන් ද පුළුල් වී ඇති බව ඉන් පිළිබිඹු වෙයි.

එම මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල් 17 හා චීනය අතර සහයෝගිතාවයන් වඩාත් පුළුල් ලෙස සිදු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ෂී ජින් පිං මහතා යෝජනා 4ක් ඉදිරිපත් කරයි. ‘ පොදුවේ සාකච්ඡා කිරීම ’, ‘ සහයෝගිතා පවත්වන විවිධ පාර්ශ්වයන්ට ප්‍රතිලාභ අත් කර ගැනීමට ඉඩ සලසා දීම ’, ‘ විවෘතභාවය හා ඉවසීම තුළ පොදුවේ සංවර්ධනය කිරීම ’ හා ‘ නවෝත්පාදනයෙන් නොකඩවාම වර්ධනය කිරීම ’ යන සංකල්ප ඊට ඇතුළත් ය.

නව කොරොනා වසංගත තත්ත්වය යටතේ, චීනය ආර්ථික ප්‍රකෘතිය ළඟා කරගෙන ඇති අතර, මධ්‍යම හා නැගෙනහිර යුරෝපා රටවලට සිය ආර්ථික පුනරුත්ථාපනය කිරීමේ ආත්ම විශ්වාසය ලබා දී තිබේ.

ඉකුත් 8වැනි දා රාත්‍රී චීනයේ පැවති මාර්ගගත සජීවි විකාශයක දී, කෝටි 2කට ආසන්න චීන පාරිභෝගිකයින් පැය 3කට අඩු කාලයක් තුළ, චීන යුවාන් කෝටි 3.7කට අධික වටිනාකමෙන් යුත් මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල නිපැයුම් මිළදී ගත්තේ යැයි වාර්තා වෙයි. චීන වෙළඳපොළේ දැවැන්ත ශක්තියක් ඉන් සනාථ වී ඇත.

සහයෝගිතාවය මගින් පොදු-ජයග්‍රාහී බව අත් කර ගැනීමේ හා සංවර්ධනය පොදුවේ හඹා යාමේ මුල් අභිලාෂයේ ස්ථිර ලෙස රැඳී සිටිමින්, සුන්දර අනාගතයක් පොදුවේ බිහි කිරීමේ අධිෂ්ඨානය දැඩි කිරීම ඔස්සේ, චීනය හා මධ්‍යම හා නැගෙනහිර යුරෝපා රටවල් අතර වඩාත් පුඵල් සහයෝගිතාවයක් දක්නට ලැබෙනු ඇතැයි අවධාරණය කෙරේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන