ඇමරිකානු පාර්ශවය අපේක්ෂා කරන "ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය" යළිත් විනෝදයට පත්වෙයි
2021-02-07 20:11:58
Share with:

ඇමරිකානු පාර්ශවය අපේක්ෂා කරන "ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය" යළිත් විනෝදයට පත්වෙයි_fororder_TIM图片20210207201053

“අවශ්‍යතා”පසුගිය ඇමරිකානු ර‍ජයට  ප්‍රධාන වචනයක්  නම්, “සාරධර්ම” පැහැදිලිවම නව ඇමරිකානු රජය විසින් ප්‍රමුඛ ස්ථානයක තබා තිබේ.

ජනාධිපති බයිඩන් මෑතකදී රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළ විදේශ ප්‍රතිපත්ති කථාව හෝ බලයට පත්වීමෙන් පසු ඇමරිකාවේ රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායමේ දැඩි ක්‍රියාමාර්ග වේවා, ඒවායින් වැදගත් පණිවුඩයක් ඉදිරිපත් කෙරේ.එනම් සිය සන්ධාන රටවල්  සමඟ ඇති සබඳතා අලුත්වැඩියා කිරීම වත්මන් ඇමරිකානු  පරිපාලනයේ න්‍යාය පත්‍රයට ප්‍රමුඛතාවයකි.  “ප්‍රජාතන්ත්‍රවාදය” සමඟ ඇති සන්ධානයක් නැවත ස්ථාපිත කිරීම වඩාත් හදිසි ඉලක්කයකි.

එසේ කිරීමෙන් ඇමරිකාව කඩාවැටුණු අත්ලාන්තික් සාගරයේ හවුල්කාරිත්වය අළුත්වැඩියා කිරීම පමණක් නොව, චීනය පාලනය කිරීම සඳහා අත්වැල් බැඳ ගැනීමට නව සන්ධානයකට ද එක් කරයි. බයිඩන් සිය විදේශ ප්‍රතිපත්ති කතාවේදී මේ කාරණයට පසුබට නොවීය.

යුරෝපා සංගම් රටවල් ඉතා ඉක්මනින් මේ පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කළේය. 5 වන දින ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් කියා සිටියේ යුරෝපය සහ ඇමරිකාව අතර බොහෝ සම්මුතීන් පැවතියද යුරෝපයට තවමත් ස්වාධීන “චීන ප්‍රතිපත්තියක්” අවශ්‍යතාව ඇති බවයි. 4 වන දින ප්‍රංශ ජනාධිපති නිකොලස් මැක්රෝන් එකම ආකල්පයක් ප්‍රකාශ කරමින් කියා සිටියේ යුරෝපා සංගමය සහ ඇමරිකාව පොදු සාරධර්ම බෙදා ගත්තද චීනයට එරෙහිව ඇමරිකාව සමඟ එක්සත් නොවිය යුතු බවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ගෝලීය සහයෝගීතාවයේ වැදගත්කම දිනෙන් දින කැපී පෙනේ. ඇත්ත වශයෙන්ම, චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව බයිඩන් පවා අවධාරණය කළේය.

ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර් වරක් කියා සිටියේ නිශ්චිත රටක් සඳහා සන්ධානයක් පිහිටුවීම අනුවණකමක් නොවන බවයි. දෘෂ්ටිවාදාත්මක අගතිය අත්හැර, වෙනස්කම් පාලනය කරමින්  සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කිරීම මෙම යුගවල පොදු ප්‍රවණතාවයයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන