ෂින්ජියං ගැන කුමක් කිව හැකිද? එය සත්‍යයකි.
2021-02-04 19:35:33
Share with:

ෂින්ජියං ගැන කුමක් කිව හැකිද? එය සත්‍යයකි._fororder_TIM图片20210204193415

මෑතකදී, " ෂින්ජියං කපු රෙදිපිළි කර්මාන්තයේ සමාජ වගකීම් වාර්තාව" නම් වූ ලේඛනයක් දේශීය හා විදේශීය වශයෙන් පුළුල් ලෙස සැලකිල්ලට ලක් විය. මෙය චීන විද්වතුන් විසින් ලියන ලද්දේ  ක්ෂේත්‍ර පර්යේෂණ, ප්‍රශ්නාවලි සමීක්ෂණය සහ සාකච්ඡාව මගිනි. ප්‍රශ්නාවලියක් හා සම්මුඛ සාකච්ඡා මගින් සමීක්ෂණය කරන ලද සේවකයින් අතර සුළු ජාතික සේවකයින් 50% කට වඩා වැඩිය.

මෙම වාර්තාවට අනුව, සමීක්ෂණයට සහභාගි වූ සේවකයින්ගෙන් 93.2% ක් කියා සිටියේ තමන් ස්ථානීය රැකියා පොළවල්, ඥාතීන් සහ මිතුරන්ගේ නිර්දේශ යනාදිය හරහා කපු රෙදිපිළි ව්‍යාපාරවල වැඩ කිරීමට ස්වේච්ඡාවෙන් තෝරා ගත් බවයි. ඒ අතරම සේවකයින්ගෙන් 100% කට වැඩ කරන අතරතුර ජලය පානය කළ හැකි අතර වැසිකිළිය නිදහසේ භාවිතා කළ හැකිය.

සුළු ජාතික සේවකයින්ගේ ආගමික විශ්වාස, ජාතික සංස්කෘතිය, භාෂාව සහ වෙනත් අයිතිවාසිකම් සහ අවශ්‍යතා ද ගෞරවයට පාත්‍ර වී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ. උදාහරණයක් ලෙස, කම්කරු කොන්ත්‍රාත්තු අත්සන් කළ විට, ව්‍යවසායන් විසින් සුළු ජාතික සේවකයින් සඳහා චීන සහ උයිගුර් භාෂාවෙන් ද්විභාෂා ගිවිසුම් ලබා දෙනු ලැබේ. කම්කරුවන්ගේ අයිතිවාසිකම් නීතියට අනුකූලව සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර තිබේ.

ඇත්ත වශයෙන්ම,ෂින්ජියංහි ශ්‍රම බලකාය වැඩියෙන්ම අවශෝෂණය කරන කර්මාන්තයක් ලෙස කපු රෙදිපිළි කර්මාන්තය

මෑත වසරවල දරිද්‍රතාවයෙන් මිදීමේ වැදගත් ක්‍රමයක් බවට පත්ව තිබේ. ඇමරිකාවේ ඇතැම් දේශපාලනඥයන් ඊනියා "බලහත්කාරයෙන් වැඩ කිරීම" යන චෝදනා හේතු කොට ගෙන ෂින්ජියං හි කපු තක්කාලි සහ ඒවායේ නිෂ්පාදන සඳහා තාවකාලික රැඳවුම් නියෝග නිකුත් කිරීම සින්ජියං හි ජනතාව දැඩි කෝපයට පත් කළේය.

දත්ත වලට අනුව, 2020 දී ෂින්ජියං හි නව නාගරික රැකියා 461100 ක් බිහිව තිබේ. පසුගිය වසරේ නොවැම්බරයේදී ෂින්ජියං හි නිරපේක්ෂ දරිද්‍රතාව පිළිබඳ ගැටළුව ‍ඓතිහාසිකව විසඳනු ලැබීය. යහපත් වැඩ තුළින් ෂින්ජියං හි සුළු ජාතිකයෝ ක්‍රම ක්‍රමයෙන් සුවපහසු හා ධනවත් ජීවිත ගත කරමින් සිටිති.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන