ගෝලීය වශයෙන් එන්නත් බෙදාහැරීම සාධාරණව ඉටු කරමින් සිටින චීනය
2021-02-02 10:06:52
Share with:

වර්තමානයේ යුරෝපා සංගම් රටවල ජනතාවගේ එන්නත් ලබා ගැනීමේ අනුපාතය ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඊශ්‍රායලය යන රටවලට වඩා බොහෝ දුරට පහල මට්ටමක පවතී. AstraZeneca හා Pfizer යන සමාගම් දෙක බ්‍රිතාන්‍යයේ හා ඇමරිකාවේ එන්නත් සැපයුම් සහතික කිරීම සඳහා යුරෝපා සංගම් රටවලට එන්නත් ලබා දීමේ කාලය දීර්ඝ කර ඇත. යුරෝපා සංගම් රටවල සමස්ත එන්නත් සැලැස්මට ඉන්  බලපෑම් එල්ල වී ඇත.

යුරෝපයේ ‍බොහෝ රටවල එවන් තත්ත්වයක් පවතින අතරතුර සර්බියාවට චීනයේ එන්නත් මිලියනයක් ලැබී තිබේ. මිලියන හතක ජනගහනයක් සහිත සර්බියාවට නම් එය සැලකිය යුතු ප්‍රමාණයකි. මීට පෙර ජනවාරි මස අගදී සර්බියාවේ අසල්වැසි රටක් වන හංගේරියාව චීන එන්නත් සඳහා අනුමත කළ ප්‍රථම යුරෝපා සංගම් රට බවට පත් විය. මෙවන් සාධක මත, එන්නත් සඳහා හදිසි අවශ්‍යතාව ඇති යුරෝපීය රටවල් චීන එන්නත් කෙරේ අවධානය යොමු කර ඇත.

යුරෝපා සංගමයේ අනුමැතිය හිමිවුවහොත්‍ චීනයේ හා රුසියාවේ එන්නත් භාවිතය සඳහා ජර්මනියට කිසිදු බාධාවක් නොමැති බව ජර්මානු සෞඛ්‍ය ඇමතිවරයා පවසා ඇත. මේ අතර රුසියානු හෝ චීන එන්නත් භාවිතය පිළිබඳව කල්පනා නොකිරීමට හේතුවක් නොමැති බව ප්‍රංශ වෛද්‍ය විශේෂඥ  Alain Fisher මහතා කියා සිටී.

එන්නත් පිළිබඳව අවධානය යොමු කළ යුත්තේ එහි ඵළදායිතාව හා සුරක්ෂිතතාව මිස, එහි නිෂ්පාදන ස්ථානය ගැන නොවේ. කෙසේ වුවද එන්නත් ගෝලීය පොදු නිෂ්පාදිතයක් ලෙස සැපයීම පිළිබඳ සිය පොරොන්දු චීනය ප්‍රායෝගික වශයෙන් ඉටු කිරීමෙහි නිරත වන අයුරු ලෝකවාසීන්ට දැක ගත හැකිය.

දැනට පාකිස්ථානය, බෲනායි, නේපාලය, පිලිපීනය ඇතුළු දහයකට වැඩි සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනය එන්නත් ලබා දෙමින් සිටී. ඉදිරියේදී එන්නත් අවශ්‍යතාව ඇති තවත් සංවර්ධනය වෙමින් පවතින රටවල් 38කට එන්නත් ලබාදීමට ද චීනය සූදානමින් සිටී. මේ අතර චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘COVAX’ සැලසුමට සක්‍රීයව එක් වෙමින් එන්නත්වල සාධාරණ බෙදා හැරීම ප්‍රවර්ධනය කිරීමෙහි නියැලී සිටී. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මොරොක්කෝව, ඉන්දුනීසියාව, තුර්කිය, බ්‍රසීලය, චිලි දේශය ඇතුළු රටවලට චීනයේ Sinopharm හා Sinovac එන්නත් අපනයනය කර ඇත. එන්නත් සඳහා හදිසි අවශ්‍යතාව ඇති, චීන එන්නත් පිළි ගන්නා, චීන එන්නත් භාවිතයට අනුමත කළ රටවලට හදිසියේම එන්නත් සැපයීමට චීනය සිය ව්‍යාපාරවලට සහාය දක්වා ඇත. චීන එන්නත් සංවර්ධනය වෙමින් පවතින රටවල කොරොනාවට එරෙහි දිවියොත වනු ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ  කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන