ඕනෑම අපහාස වලින් වෙනස් කළ නොහැකි ෂින්ජියංහි සමෘද්ධිය
2021-01-29 19:57:04
Share with:

චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ උයිගුර් ජාතිකයින් පිටප්‍රදේශවල රැකියාවල නියුක්ත වීම, ‘බලහත්කාර ශ්‍රම වැඩවලට යොදවා ගැනීමක්’ ලෙසට ඇමරිකාව ඇතුළු බටහිර රටවල ඇතැම් දේශපාලනඥයන් හා මාධ්‍ය විකෘති ලෙස ප්‍රචාරය කර ඇත. ෂින්ජියංහි සංවර්ධනයට බාධා එල්ල කරමින් චීනයේ විවිධ ජාතීන් අතර සබඳතාව විනාශ කිරීමට ඔවුන් හැකි සෑම ආකාරයකින්ම තැත් කරමින් සිටින බව පෙ‍නේ.

විවෘත ලිපිලේඛනවලට අනුව වසර 2014 ෂින්ජියංහි දිළිඳු ජනගහනය මිලියන 3.13කි. එම දිළිඳු ජනතාවගේ වඩාත් යහපත් ජීවිතය සඳහා ෂින්ජියං ප්‍රාදේශීය රජය රැකියා ප්‍රවර්ධන ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව විවිධ ජාතිකයින් සිය කැමැත්තට අනුව රැකියා හා රැකියා ස්ථාන තෝරා ගෙන අදාල ව්‍යාපාර සමග නිත්‍යනුකූලව ශ්‍රම කොන්ත්‍රාත්තුවලට අත්සන් තබා ආදායම ලබා ඇත.

වසර 2014ත් 2019ත් අතර කාලය තුළදී ෂින්ජියංහි රැකියා නියුක්ති ජනගහනය මිලියන 11.35ක සිට මිලියන 13.3 දක්වා වැඩි විය. මේ අතර පිටප්‍රදේශවල රැකියාවල නියුක්ත වීම ෂින්ජියංහි දිළිඳු පුරවැසියන් දිළිඳුකමෙන් මුදවා ගැනීමේ ප්‍රධාන මාර්ගයක් ලෙසට කැපී පෙනේ. එසේ චීනයේ වෙනත් ප්‍රදේශවල වැඩ කරන ෂින්ජියං වැසියන්ගේ වාර්ෂික ආදායම චීන යුවාන් හතලිස් දහසක් පමණය. ඔවුන්ගේ ආදායම ඔවුන් වැඩ කරන ප්‍රදේශවල ප්‍රාදේශීය පුරවැසියන්ගේ ඒක පුද්ගල ආදායම හා සමාන මට්ටමක පවතී. විවිධ රැකියා ප්‍රවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත් සමගම වසර 2020 නොවැම්බර් මාසයේ ෂින්ජියං ප්‍රදේශය මුළුමනින්ම දරිද්‍රතාවය තුරන් කිරීමට සමත් විය.

මෑතකදී උයිගුර් ජාතික තරුණියක් සෙල්ෆි වීඩියෝවක් පළ කරමින් උපන්ගමේ සංවර්ධනයට අපහාස කිරීමට උත්සාහ කළ ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝට ප්‍රතිචාර දැක්වූවාය. ඒ උයිගුර් ජාතික යෙදුමක් යොදා ගනිමිනි. ‘බල්ලන් බිරුවත් ඔටුවන් ඉදිරියට ගමන් කරයි.’ සියළුම අපහාස වලින් ෂින්ජියංහි සමෘද්ධිය වෙනස් නොවේ. බොරු කතාවල එකම ගමනාන්තය ඉතිහාසයේ කසල බඳුනය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන