ලෝකය, කැලෑ නීතියට යටත් නොවිය යුතු බව අවධාරණය කෙරේ
2021-01-28 18:59:44
Share with:

‘21 වන සියවසේ බහුපාර්ශ්වවාදය, නිර්මාණශීලිත්වයෙන් ක්‍රියාත්මක කරමින් අනාගතයට ද මුහුණ දිය යුතුයි. පුළුල් සාකච්ඡාව හා පොදු අදහස් පදනම් ව ගෝලීය පාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය හා පරිපූර්ණය කළ යුතුයි. ’ පසුගියදා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ලෝක ආර්ථික සංසදයේ ඩාවොස් න්‍යාය පත්‍රය සංවාදයට එක් වෙමින් බහුපාර්ශ්වවාදයේ ජීවගුණය එසේ පහදා දුන්නේය. එය ජගත් ප්‍රජාවේ පුළුල් පිළි ගැනීමට ලක් විය.

ජගත් ප්‍රජාවට අවශ්‍ය වෙන්නේ කවරාකාරයේ පරිපාලන ‍රෙගුලාසීන් ද යන්න පිළිබඳව ෂී ජින්පිං මහතා පැහැදිලිව පෙන්වා දුන්නේ ‘ජාත්‍යන්තර නීති පාලනය අනුගමනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍රය කොට ගන්නා, ජාත්‍යන්තර නීතිරීති පදනම් ව ඇති ජගත් පද්ධතිය ආරක්ෂා කළ යුතු’ බවයි.

වත්මන් ලෝකයේ පවතින අවුල්සහගත තත්ත්තවයන්ට ප්‍රධාන හේතුවක් වන්නේ ඇතැම් බටහිර රටවල් සිය පෞද්ගලික වාසී, ගෝලීය පොදු වාසියට වඩා ඉහල ස්ථානයකට තබා  කටයුතු කිරීමය. ඒකපාර්ශ්වවාදය හා ආරක්ෂණවාදය ව්‍යාප්ත කිරීමට ඔවුන් සිදු කළ උත්සාහයන් තුළින්, විවිධ පාර්ශ්වයන් ගෝලීය අවදානම්වලට මුහුණ දීමේ දුෂ්කරතා ඉමහත් සේ වැඩි විය. ජගත් ප්‍රජාව විසින් පොදුවේ සම්පාදනය කරන ලද හා පොදුවේ පිළි ගන්නා ජගත් නීතිරීති පිළිනොගැනීමෙන්, ලෝකය, කැලෑ නීතියට යටත් වී විනාශදායක අවසානයක් උදා කර ගනු ඇතැයි චීන ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ. 

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන