වඩාත් විවෘත ගෝලීයකරණයක් අපේක්ෂා කරන වර්තමානය
2021-01-27 20:00:57
Share with:

නව කොරොනා වසංගතය මතු වීමෙන් පසු, එන්නත් පර්යේෂණය ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල ගෝලීය සහයෝගතාවේ වැදගත්කම ඉස්මතු විය. එන්නත් බෙදා දීම ද, ලොව පුරා පවතින භාණ්ඩ ප්‍රවාහන ජාලය මත යැපේ. ගෝලීය ආර්ථික පුනරුත්ථාපනය සඳහා ගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමය යළි ක්‍රියාත්මක කිරීම අතිශ්‍යයෙන් වැදගත්ය. මේ සියල්ලම තුළින් ගෝලීයකරණයේ අප්‍රතිවර්ත්‍යතාව වඩාත් කැපී පෙනේ.

නව අභියෝගයන් හමුවේ ලෝකයට කවරාකාරයේ ගෝලීයකරණයක් අවශ්‍ය වන්නේ ද යන්න නව සාකච්ඡා මාතෘකාවක් බවට පත් විය. ‘සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සංවර්ධන පරතරය අවම කරමින් විවිධ රටවල සමෘද්ධිය පොදුවේ ඉදිරියට මෙහෙයවිය යුතුයි’--ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඩාවොස් න්‍යාය පත්‍රය සංවාදය අමතමින් එම ප්‍රශ්නයට ලබාදුන් චීන විසඳුමයි.

වඩාත් විවෘත ගෝලීයකරණය, වත්මන් ලෝකයට අවශ්‍යය. එමගින් දකුණු උතුරු පරතරය අවම වී වඩාත් වැඩි සංවර්ධනය වෙමින් පවතින රටවලට ගෝලීය ආර්ථික ජාලයට එක් වී වඩාත් පුළුල් ජීවන හා සංවර්ධන අවකාශයක් ලබා ගත හැකි වනු ඇත. එය දුප්පත්කමෙන් සෞඛ්‍ය සේවාව හා රැකියාව අහිමි වීම වැළැක්වීමට පොදු සෞඛ්‍ය අභියෝගයට මුහුණ දෙන ජනතාවට උපකාර විය හැකිය.

ආර්ථික ගෝලීයකරණයට ස්ථිර ලෙස අනුබල දක්වන චීනය සැමවිටම ඒ සඳහා උත්සාහ කරමින් සිටියි.

වසංගතය හමුවේ චීනය 150කට වැඩි රටවලට හා ජගත් සංවිධාන 13කට වසංගත පාලන සහනාධාර සපයා ඇත. චීනය අවශ්‍යතා ඇති රටවලට වෛද්‍ය විශේෂඥ කණ්ඩායම් 36ක් යවා ඇති අතර එන්නත් පිළිබඳ ජගත් සහයෝගතාවන්ට සක්‍රීයව එක් වෙමින් ඊටද ශක්තිමත් අනුබලයක් දක්වා තිබේ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන