ලෝකයට අවශ්‍ය කවරා‍කාරයේ බහුපාර්ශ්වවාදයක් ද යන්න චීන ජනාධිපතිවරයා පහදා දෙයි
2021-01-26 16:18:14
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(25) වීඩියෝ ආකාරයෙන් පැවති ලෝක ආර්ථික සංසදයේ ‘ඩාවෝස් න්‍යාය පත්‍රය’ සංවාදයට එක් වෙමින් කතාවක් කළේය. ‍එහිදී ඔහු විශේෂයෙන්ම ‘ලෝකයට අවශ්‍ය කවරා‍කාරයේ  බහුපාර්ශ්වවාදයක් ද  යන ප්‍රශ්නයට පිලිතුරු ලබා දුන්නේය.

වසර හතරකට පෙර ෂී ජින්පිං මහතා සිදු කළ ඩාවොස් ‍කතාවෙන් ආර්ථික ගෝලීයකරණයට අවධානය යොමු විය. මේ වසරේ ඔහුගේ කතාවේ කේන්ද්‍රීය කරුණ වන්නේ බහුපාර්ශ්වවාදය යන්නයි. ‘ජගත් කටයුතු තීරණය කළ යුත්තේ සැවොම සාකච්ඡා කිරීමෙනි. ලෝකයේ අනාගතය හා දෛවය විවිධ රටවල් විසින් පොදුවේ පාලනය කළ යුතුයි’  යන්න ලෝකයට අවශ්‍ය වන බහුපාර්ශ්වවාදය යැයි  ෂී ජින්පිං මහතා සිය කථාවේදී පහදා දුන්නේ ය. මෙහිදී ‘සැවොම සාකච්ඡා කිරීම’ යන්න චීන උත්තරීතර නායකයා සෑම විටම මුලපුරන ජගත් කටයුතු මූලධර්මයයි.

‘විවෘතභාවයෙහි එල්බ සිටිමින් හුදෙකලාව ක්‍රියාත්මක නොකිරීම’, ‘ජාත්‍යන්තර නීතිරීති පදනම් ව කටයුතු කරමින් ආධිපත්‍යය අනුගමනය නොකිරීම’, ‘සාකච්ඡාව සහ සහයෝගතාව පවත්වමින් ගැටළු ඇති නොකිරීම’, ‘කාලානුරූපි ප්‍රවණතාවයන්ට අනුකූල වන සේ ක්‍රියා කරමින් සංවෘත නොවීම’ ෂී ජින්පිං මහතා බහුපාර්ශ්වවාදය පිළිබඳව තවදුරටත් පහදා දුන් අන්තර්ගතයන් ය.  ඒවායෙන් නියැළි සිටිය යුතු දේ හා කළ නොයුතු දේ පැහැදිලි වන අතර එය ලෝක පොදු අදහස්වලට ද ගැලපේ. චීනය බහුපාර්ශ්වවාදයට වැදගත් අනුබල දක්වන රටක් යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres මහතා අගය කර ඇත්තේ චීනය බහුපාර්ශ්වික සංකල්පය ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කළ බැවිනි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන