ඇමරිකාවේ ජනාධිපති ධූරයට අලුතින් තේරී පත් වූ Joe Biden මහතා ඉකුත් 20වැනි දා දිවුරුම් දුන්නේ ය. මේ සමග ම, එරට ප්‍රතිපත්ති යම්තාක් දුරකට යළි සකස් කෙරෙනු ඇතැයි දෙස්-විදෙස් වශයෙන් පොදු අපේක්ෂාවන් පළ වී තිබේ. ඒ අතරින්, චීනය කෙරෙහි වන යුක්ති සහගත, ප්‍රායෝගික ප්‍රතිපත්ති එරට නව රජයට සකස් කළ හැකි ද යන්න කෙරෙහි දැඩි අවධානය යොමු වී ඇත.
ගත වූ වසර 4 තුළ, චීන-ඇමරිකානු සබඳතා කටුක කාල පරිච්ඡේදයක් අත්විඳ ඇත. Washington හි ඇතැම් දේශපාලනඥයන් සීතල යුද චින්තනය හා අගතිය පදනම් ව, චීනය ‘ දැවැන්ත ම තර්ජනයක් ’ ලෙස සැලකීම ඊට හේතුවයි. චීනයේ දේශපාලන ක්‍රමවේදය අපකීර්තියට ලක් කිරීම, චීන ව්‍යවසායයන්ට පීඩා එල්ල කිරීම ඇමරිකාව සිදු කර තිබේ. එමෙන් ම චීනයේ කේන්ද්‍රීය ප්‍රතිලාභ හා දැඩි අවධානයට ලක් වූ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනයට දැරිය නොහැකි ලෙසට ඇමරිකාව නිරන්තරයෙන් ම පෙනී සිටියේ ය.
ඇමරිකාවේ නව රජය එබඳු ක්‍රියාවන් සිදු නොකිරීම, චීන-ඇමරිකානු සබඳතාව යථා තත්ත්වයට පත් කිරීමේ පූර්ව කොන්දේසියයි. දෙපාර්ශ්වය විසින්ම සම්බන්ධතා පැවැත්වීමට සුදුසු ක්‍රියා මාර්ග ස්ථාපිත කරමින්, වත්මන් සබඳතාව යහපත් කිරීම වෙනුවෙන් සක්‍රීයව පෙනී සිටීම, වර්තමානයේ ප්‍රායෝගික පියවරක් වන බව ඉතා පැහැදිලි ය. මේ අනුව, ‘ එකම දිශාව කරා ගමන් කිරීම ’ කැපී පෙනෙන ලෙස වැදගත් බව අවධාරණය කෙරේ.