අසමානතා හේතුවෙන් ඉකි බිඳින ඇමරිකානු සුළු ජන කොටස්
2021-01-19 11:14:37
Share with:

‘ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය කළු ජාතිකයන්ට හිමි නෑ.’කියා විශ්‍රාමික ඇමරිකානු පැසි පන්දු ක්‍රීඩා සුපිරි තරු Kareem Abdul-Jabbar පවසා ඇත. මෙම ප්‍රකාශයෙන් වසර 400ක් පුරා ඇමරිකාවේ පවතින ජන වර්ගිකයින් වෙනස් ලෙස සැලකීමේ ගැටළුවෙන් සුළු ප්‍රමාණ ජන වර්ගයින්ට සිදු කළ භායානක වදහිංසා සහ ඊනියා ‘සැමට සමානත්වය’ යැයි පවසන ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ කුහකත්වය අනාවරණය විය.

මෑතකදී ඇමරිකානු කොංග්‍රස් ගොඩනැගිල්ල තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය ඊට හොඳ නිදසුනකි. මුලදී පොලිසියෙන් ඇතැම් විරෝධකරුවන්ට  ගොඩනැගිල්ල තුළට ප්‍රවේශ වීමට අවසර ලැබිණ. දෙපාර්ශ්වය සෙල්පි ඡායාරූප පවා ගත්තේය. ඊට පසුදින ඒබ්‍රහම් ලින්කන් අනුස්මරණ ශාලාව අසල විරෝධතා පෙලපාළියක් පැවති විට එම අවස්ථාවේ පෙනී සිටි පොලිසිය ඉතා අඩු විය. සුදු ජාතිකයින්ගෙන් ප්‍රධාන වශයෙන් සමන්විත වූ උද්ඝෝෂකයින්ට ඇමරිකානු පොලිසිය බලය යොදා ඇත්තේ ඉතා සෞම්‍ය ආකාරයෙනි. පසුගිය වසරේ ජුනි මාසයේ සිදු වූ ජන වාර්ගිකයින් වෙනස් ලෙස සැලකීමට එරෙහි පෙලපාළිය මර්දනය කිරීමට ඔවුන් යොදා ගත් බලය මීට වඩා පැහැදිලිවම වෙනස් ය. කොංග්‍රස් ගොඩනැගිල්ලට පැමිණි  පෙලපාළියට ප්‍රධාන වශයෙන් එක් වූයේ කළු ජාතිකයින් නම්, පොලිසිය ඔවුන්ගේ මුහුණු වලට සෘජුවම වෙඩි තබනු ඇතැයි ඇමරිකානු Microsoft NBC ගුවන් විදුලි සමාගමේ රූපවාහිනී නිවේදක  Joe Scarborough පෙන්වා දුන්නේය. ‍

ඇමරිකා ඉතිහාසයේ රතු ඉන්දියානුවන් ඝාතනය කෙරිණ. අප්‍රිකානු ජාතිකයින් වහලුන් ලෙස යොදා ගැණින. ඇමරිකානු ඉතිහාසය දෙස බලන විට, ජන වාර්ගිකයින් වෙනස් ලෙස සැලකීම, එරට සමෘද්ධියේ ප්‍රධානම ක්‍රමය බව පෙනේ.  නව කොරොනා වසංගතය, ඇමරිකාවේ එම ගැටළුව තවත් විශාල කර  තිබේ. සුළු ජනකොටස් ඉන් වඩාත් දුක් විඳිති. ඔවුන් හුස්ම ගැනීමට  අසීරු වෙද්දී  කළ වැළපීමෙන් හදවත ද ඉකි බිඳී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන