ප්‍රාග්ධනය විසින් පැහැර ගන්නා ලද සෞඛ්‍ය සේවා පද්ධතිය ඇමරිකානු රෝගීන්ගේ ජීවිත පැහැර ගනී
2021-01-17 18:22:06
Share with:

ප්‍රාග්ධනය විසින් පැහැර ගන්නා ලද සෞඛ්‍ය සේවා පද්ධතිය ඇමරිකානු රෝගීන්ගේ ජීවිත පැහැර ගනී_fororder_TIM图片20210117182046

සාමාන්‍ය ඇමරිකානුවෙකු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට හේතුව වන්නේ අධික පිරිවැයක් දැරීමට නොහැකි වීම යන බියයි. කොරොනා වසංගතය හමුවේ ඇමරිකානු වෛද්‍ය ක්‍රමය සේවා ප්‍රාග්ධනයේ සාරය සහ ඇමරිකා වැසියන්ගේ ජීවිත පැහැර ගැනීම  දැඩිව හෙළිදරව් කර තිබේ.

යුරෝපය සහ ජපානය වැනි සංවර්ධිත ආර්ථිකයන් මෙන් නොව ඇමරිකාව වාණිජ වෛද්‍ය රක්‍ෂණ සහ රජයේ වෛද්‍ය රක්‍ෂණ මිශ්‍ර වෛද්‍ය ක්‍රමයක්‌ ක්‍රියාත්මක කරයි. වාණිජ වෛද්‍ය රක්‍ෂණය ජනගහනයෙන් 53% ක් පමණ ආවරණය කරන අතර, රජයේ වෛද්‍ය රක්‍ෂණය ජනගහනයෙන් 38% ක් පමණ ආවරණය වේ. තවත් ඇමරිකානු වැසියන්ගෙන් 9% ක් රක්ෂණය වී නොමැත. ඇමරිකාවේ වෛද්‍ය සම්පත් බෙදීයාම වෙළඳපොල ආධිපත්‍යයක් දරන අතර රජයේ  අතිරේක සැපයුමක් එහිදී දැකිය හැකිය.

ඇමරිකානු ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත වලට අනුව, 2019 දී එරට වෛද්‍ය වියදම් ඩොලර් ට්‍රිලියන 3.6 කට ආසන්න විය. දළ දේශීය නිෂ්පාදිතයෙන් 18% ක් වන එය අනෙකුත් සංවර්ධිත රටවලට වඩා ඉහළය . එහෙත් ඇමරිකානුවන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව ආර්ථික සහයෝගිතා සංවිධානයේ සෙසු රටවල් 25 ට වඩා අඩුය.

ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Anne Case සහ Angus Deaton ලියූ බලාපොරොත්තු සුන්වීම සහ ධනවාදයේ අනාගතය යන පොතේහි ඇමරිකාවේ වෛද්‍ය කර්මාන්තය වෛද්‍ය සේවා සපයන්නන් සඳහා ධනය වැඩිදියුණු කරන්නක් මිස  ජනතාවගේ සෞඛ්‍යය නංවාලීම සඳහා නොවන්නක්  බව සඳහන් වෙයි.

විශාල ඖෂධ සමාගම් කිහිපයක් ඖෂධ වෙළඳපොළ ඒකාධිකාරයක්  නතුකර ගැනීම හේතුවෙන්  ඇමරිකාව  ලෝකයේ වැඩිම ඖෂධ මිල ගණන් හිමි රටක් බවට පත්ව ඇත. ලෝක ජනගහනයෙන් 5% කටත් වඩා අඩු ප්‍රමාණයක් සහිත ඇමරිකාව ලෝකයේ ඖෂධ විකුණුම් මිලෙන් 50% ක් ගෙවන බව ධවල මන්දිරයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන Ezekiel Emanuel පෙන්වා දුන්නේය.

ඇමරිකාවේ  මාධ්‍ය වාර්තාවලට අනුව, ඇමරිකා වෛද්‍ය කර්මාන්තයට  වාර්ෂික පිරිවැය ඩොලර් මිලියන 500 කින් යුත් එරට විශාලතම දේශපාලන බලපෑම් කණ්ඩායමක් තිබේ. 2020 මහමැතිවරණ කාලය තුළ ඇමරිකාවේ ඖෂධ කර්මාන්තය නීති සම්පාදකයින්ට ඩොලර් මිලියන 7.5 ක් පරිත්‍යාග කළේය. තමන් උපයන ලාභය දේශපාලන දායකත්වයක් ලෙස භාවිත කරමින් දේශපාලන බලපෑම් කණ්ඩායම් වෛද්‍යමය නීති සම්පාදනය කිරීම හා ඒ හා සම්බන්ධ ප්‍රතිපත්ති සඳහා තමන්ගේම අභිමතයන්ට අනුකූලව ඉහළ ලාභ ලබා ගනී.

ඇමරිකානු මුදල් දේශපාලනයේ හරය වෙනස් නොවුනහොත් සාමාන්‍ය ඇමරිකා වැසියන් එමන්ම සමස්ත ඇමරිකාව මෙම සෞඛ්‍ය සේවා පද්ධතිය විසින් පැහැර ගෙන යාම රහසක් නොවනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන