ඇමරිකාවේ ජීව ශක්තිය පරිභෝජනය කරන බල අරගලය
2021-01-15 19:00:04
Share with:

ඇමරිකාවේ  ජීව ශක්තිය පරිභෝජනය කරන බල අරගලය_fororder_TIM图片20210115185854

අතිරික්ත දේශපාලනීකරණය ඇමරිකාවේ ජීව ශක්තිය අඛණ්ඩව පරිභෝජනය කරයි 

නව වසර ආරම්භයේදී ඇමරිකානු නායකයාගේ ඇතැම් ආධාරකරුවන් මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කිරීම සඳහා කැපිටල් හිල් වෙත පැමිණ මුළු රටම දේශපාලන කම්පනයකට ලක් කළේය. ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයෙන් යුත් ඇමරිකානු  නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වත්මන් නායකයාගේ දෙවන දෝෂාභියෝගය පෙරේදා (13) ඉදිරිපත් කළේ “දේශද්‍රෝහීත්වය” හේතුවෙනි. බොහෝ විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ මෙය කැරලි කෝලාහල ඇති කිරීම සඳහා "වගවීමක්" පමණක් නොව, ඔහු  බලයට නැවත පැමිණීමේ හැකියාව කපා හැරීම සඳහා "දේශපාලන පලිගැනීමක් ලෙසිනි.

අද වොෂිංටනයේ අතිරික්ත දේශපාලනීකරණය පෙර නොවූ විරූ මට්ටමකට පැමිණ තිබේ. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන මාටින් ජැක් පෙන්වා දුන්නේ ඇමරිකාව දැන් බරපතල ධ්‍රැවීකරණයක් සහිත රටක් බවයි. එහි ප්‍රතිඵලය රජය වැඩි වැඩියෙන් අංශභාග තත්ත්වයට පත්වීමය.

ඇත්ත වශයෙන්ම, දේශපාලන අන්තවාදය ඇමරිකානු දේශපාලන පරිසර විද්‍යාවේ සුවිශේෂී ලක්ෂණයකි. ඇමරිකාව තුළ වඩ වඩාත් බරපතල දේශපාලන අන්තවාදය සිදු වීම දේශපාලන ක්‍රමයේ නිදන්ගත රෝගයේ ප්‍රතිමූර්තිය පමණක් නොව, සමාජ ප්‍රතිවිරෝධතා සහ අර්බුද තීව්‍ර කිරීමේ ප්‍රතිඵලයකි. ධවල මන්දිර නායකයාගේ වෙනස්වීමත් සමඟ මෙම සංසිද්ධිය කිසි විටෙකත් අවසන් නොවේ. ඊට පටහැනිව, අරගලයේ නව වටයක් බිහි වේ.

ජනපතිවරණයෙන් පරාජයට පත් වුවද, ඇමරිකානු වත්මන් නායකයාට ලබාදුන් ඡන්ද සංඛ්‍යාව මිලියන 74කි. එය ඉතිහාසයේ දෙවන ඉහළම අගයයි. මෙයින් පෙනී යන්නේ එය පිටුපස මහජන මතයේ පදනම තවමත් ඉතා ශක්තිමත්  බවය.

"ඇමරිකාවේ දේශපාලන භේදය" 2021 දී ලෝකයේ හොඳම අවදානම් දහයෙන් එකක් ලෙස මෑතකදී ඇමරිකාවේ දේශපාලන අවදානම් උපදේශන ආයතනයක් වන යුරේසියා සමූහය විසින් ලැයිස්තුගත කරන ලදි. බලය සඳහා අරගලය තීව්‍ර වීමෙන් අවසානයේ දී ඇමරිකාවේ  ජීව ශක්තිය පරිභෝජනය කරනු ඒකාන්තය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන