ජනාධිපතිවරයාට “කථා කිරීම තහනම්”කරනු ලැබීමෙන් ඇමරිකානු “කතා කිරීමේ නිදහස”සැබවින්ම පුදුම සහගතය
2021-01-11 19:54:44
Share with:

ජනාධිපතිවරයාට “කථා කිරීම තහනම්”කරනු ලැබීමෙන් ඇමරිකානු “කතා කිරීමේ නිදහස”සැබවින්ම පුදුම සහගතය_fororder_TIM图片20210111195225

"ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම" හේතුවෙන් බොහෝ ඇමරිකානු සමාජ මාධ්‍ය විසින් තහනම් කර ඇති ඇමරිකානු නායකයා ලැජ්ජාවට කරුණකි. සෑම විටම “කතා කිරීමේ නිදහස” ගැන පුරසාරම් දොඩවන ඇමරිකාවේ ජනාධිපතිවරයෙකුට සමාජ මාධ්‍ය වේදිකාවල නිදහසේ කථා කිරීමේ අයිතිය අහිමි වීම ඇමරිකානු “කතා කිරීමේ නිදහස” පිළිබඳ මහා උත්ප්‍රාසයකි.

සමාජ මාධ්‍යවල ප්‍රචණ්ඩත්වය අවුස්සන ඇමරිකානු නායකයාගේ කතා ඇමරිකාවේ නීති සහ මාධ්‍ය වේදිකා කළමනාකරණ නීති උල්ලං ඝනය කිරීම හේතුවෙන්  ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම අවහිර කරනු ලැබුවේ අදාළ නීතියට අනුකූ ව බව ඇතැම් අය පැවසූහ. එය සත්‍යයකි. සමාජ මාධ්‍යවල ප්‍රචණ්ඩත්වය පෙළඹවීම තහනම් කළ යුතුය.  එහෙත් පසුගිය සිව් වසර තුළ ඇමරිකානු නායකයා සමාජ මාධ්‍ය වේදිකාවල ඕනෑවට වඩා ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවා හැරීම හා වෛරය හා ප්‍රචණ්ඩත්වය අවුස්සමින් කතා කරන විට ඇමරිකානු සමාජ මාධ්‍ය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ ය.

වොෂිංටන් පෝස්ට් පුවත්පතට අනුව, බලයට පත්වූ දා සිට 2020 මැයි මාසය දක්වා ඇමරිකානු නායකයා විසින් 18000 කට අධික “ව්‍යාජ හෝ නොමඟ යවන තොරතුරු” සමාජ මාධ්‍යවල පළ කර ඇති අතර, ඉන් 3300 කට වැඩි ප්‍රමාණයක් ට්විටර් වෙබ් අඩවියේ පළ කර තිබේ.ඒවා සම්බන්ධයෙන් ට්විටර් කිසිදු ක්‍රියාමාර්ගයක් හෝ ඒවා ඉවත් කිරීමක් සිදු නොකළේ ය. ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම සඳහා ඇමරිකානු නායකයාට තවදුරටත් සමාජ මාධ්‍යවල පළ කළ හැකිය.

මැතිවරණයේ ප්‍රතිඵල එළිදැක්වීමෙන් පසු ඔහු ට්විටර් පණිවුඩ යවමින්  සටන් කරන ලෙස ආධාරකරුවන්ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටියේය. එහිදී ද ඇමරිකානු සමාජ මාධ්‍ය උදාසීන විය. කැපිටල් හිල් හි ප්‍රචණ්ඩත්වයෙන් පසුව පමණක් මෙම සමාජ මාධ්‍ය අවදි වී පියවර ගන්නා බව පෙනෙන්නට තිබුණි. මෙම අවස්ථාවේදී, ඇමරිකානු නායකයාගේ ගිණුම් තහනම් කිරීම ප්‍රචණ්ඩත්වය පැතිරීම නැවැත්වීම සඳහා සමාජ මාධ්‍යවල සාධාරණ හා නීත්‍යනුකූල ක්‍රියාවකි. නමුත් ඇත්ත වශයෙන්ම එය දේශපාලන ආත්මාර්ථකාමීත්වය සමඟ මිශ්‍ර වීමකි.

දැන් ඇමරිකානු නායකයා ධුරයෙන් ඉවත්වීමට ඇත්තේ දින දහයකටත් අඩු කාලයකි. එහෙත් ඔහු සහ ඔහුගේ ආධාරකරුවන්ගේ දේශපාලන පලිගැනීම කැපිටල් හිල්හි කම්පනයත් සමඟ ආරම්භ වී තිබේ. එවැනි දේශපාලන වාතාවරණයක් තුළ ඇමරිකානු ප්‍රධාන සමාජ මාධ්‍ය මෙසේ  තහනම් කිරීම දේශපාලන නිරවද්‍යතාවය පෙන්වීමක් පමණක් නොව ප්‍රචණ්ඩත්වයෙන් වෙන්වී වගකීමෙන් පලා යාමකි.

ඊනියා ඇමරිකානු “කතා කිරීමේ නිදහස” දේශපාලන මෙවලමක් පමණක් බව ඉන් පැහැදිලිය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන