ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ද්විත්ව ප්‍රමිතිය ලෝකයට යළි අනාවරණය වෙයි
2021-01-07 19:42:21
Share with:

ජනවාරි 6 වනදා, ඇමරිකාවේ සෙ‍නට් මන්ත්‍රී මණ්ඩලය හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ජනාධිපතිවරණ ක්‍රියාදාමයට අනුව 2020 වසරේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ගණන් කර සහතික කිරීමට නියමිතව තිබිණ. එම දිනයේදීම වොෂින්ටන්හි විශාල පරිමාණයේ විරෝධතා පෙළපාලියක් පැවැත්විණ. උද්ඝෝෂකයෝ කොංග්‍රසයට කඩා පැන මැතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළහ. මේ වන විට සිද්ධියෙන් හතර දෙනෙකු මිය ගිය අතර බොහෝ දෙනෙකුට තුවාල සිදු විය.

මෙම ප්‍රචණ්ඩකාරී සිද්ධිය ‘ප්‍රජාතන්ත්‍රවාදයේ හා නිදහසේ ප්‍රදීපාගාරය’ ලෙස නම් කර ගන්නා ඇමරිකාවේ ම සිදු වීම ලෝ වැසියන්ගේ පුදුමයට හා කම්පනයට හේතු විය. 

මෑත වසරවල ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය ඔසවමින් බටහිර ආසියාවේ හා උතුරු අප්‍රිකාවේ ඊනියා Arab Spring මෙහෙයුම සැලසුම් කළේය. ආසියා යුරෝපා මහද්වීපවල ‘කලර් රෙවලූෂන්’ සඳහා උසිගැන්වීම් සිදු කළේය. එවන් ඇතැම් රටවල පොලිසිය නීති පටිපාටිය ආරක්ෂා කිරීමට පියවර ගතහොත්, එය ‘ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්’ ලෙස ඇමරිකාව විසින් ලේබල් කරනු ලැබේ. දැන් එවන් ප්‍රචණ්ඩකාරී සිද්ධියක් ඇමරිකාවේ සිදු විය. ජනතාව විසුරුවා හැරීමට පොලිසිය “පෙපර් ස්ප්‍රේ” යනාදී අවි භාවිත කොට උද්ඝෝෂකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ද්විත්ව ප්‍රමිතියේ ස්වභාවය මෙමගින් ලෝකයට යළි වරක් පැහැදිලිවම අනාවරණය විය. ප්‍රජාතන්ත්‍රවාදය කඩා බිඳ දමනු ලැබ ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදය සිය ලේබලයක් ලෙස භාවිත කිරීමට පුරුදු වන ඇමරිකානු දේශපාලනඥයන් විසින්මයි!

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන