අතීත අත්දැකීම් මගින් ඉදිරියට ගමන් කරන චීනය
2021-01-01 19:30:12
Share with:

2021 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂි ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර් ජාල ඔස්සේ නව වසරේ සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කළේ ය. 2020 වසර ඉතා අසාමාන්‍ය වසරකි. එම වසරේ “චීන ශක්තිය”චීනයට පමණක් නොව ලෝකයට ද විශ්වාසයක් හා දිරියක් එක් කළේය. ‍

ලොව පුරා පැතිර ගොස් ඇති කොරොනා වසංගතය හමුවේ කෝටි 140ක චීන ජනතාව එක්සත් වී වසංගත පාලනයෙන් සාර්ථකත්වයක් අත්කරගෙන සිටිති. වීරයන් බිහි වන්නේ මහජනතාව අතරින් බවත්, වීරත්වය දැක්වූ සියල්ලන්ටම ආචාර කරන බවත් චීන ජනාධිපතිවරයා කියා සිටී. චීනය දේශීය වසංගත පාලනය සිදු කරන අතර සිය ජාත්‍යන්තර යුතුකම් ද මනා ලෙස දරමින් සිටී. සමගිය හා සහයෝගිතාව වසංගතය මැඩලීමේ ප්‍රබල ම අවිය බව 2020 වසරේ චීනය වචනවලට පමණක් සීමා නොවී ක්‍රියාවෙන් ද පහදා දුන්නේ ය. වසංගත පාලනය හා ආර්ථික සංවර්ධනය සමබර කරමින් 2020 වසරේදී චීනය සශ්‍රීක සමාජයක් ගොඩ නැගීමේ ඉලක්කය හා අන්ත දිළිඳුකම තුරන් කිරීමේ ඉලක්කය නියමිත පරිදි සපුරාලීමට සමත් විය. නව ගෝලීය අර්බුදයෙන් මිදෙමින් චීනය සිටින්නේ පෙරට වඩා ශක්තිමත් ලෙස ය. පෙරට වඩා ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙන යමින් විදේශයන් කෙරේ පෙරට වඩා විවෘත වීමට චීනය කටයුතු කරමින් සිටී.  සිය සංවර්ධන ජයග්‍රහණයෙන් සෙසු රටවල් සමග බෙදා ගැනීමට ද චීනය ක්‍රියා කරයි. 2020 වසරේ චීන ජනාධිපතිවරයා බොහෝ අවස්ථාවලදී  ඒ බව අවධාරණය කර තිබේ.

චීන පාලක කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 100වැනි සංවත්සරය මෙම වසරට යෙදී ඇත. චීනයේ 14වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ පළමු වසර වන්නේ 2021 වසරයි. එමෙන් ම 2021 වසර , චීනය සමාජවාදී නවීකරණ රාජ්‍යයක් ගොඩ නැගීමේ නව ගමන් මඟ ආරම්භ කිරීමේ පළමු වසරයි. අතීතය සමාලෝචනය කරන්නේ වඩාත් ඉදිරියට යාමටයි. චීනය අතීතය සමාලෝචනය කර ඉදිරියට ගමන් කරමින් සිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන