විද්‍යා හා තාක්ෂණ නිර්මාණශීලිත්වය ඔස්සේ චීනය ලෝකයට ප්‍රතිලාභ ගෙන දෙයි
2020-12-28 19:56:03
Share with:

විද්‍යා හා තාක්ෂණ නිර්මාණශීලිත්වය ඔස්සේ චීනය ලෝකයට ප්‍රතිලාභ ගෙන දෙයි_fororder_src=http___www.cnr.cn_newscenter_native_gd_20201228_W020201228664325076201&refer=http___www.cnr

2020 වසරේ ලෝකයේ පුදුමයට ලක් වූ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිඵල බොහෝමයක් චීනය නිර්මාණය කර ඇත. විද්‍යා හා තාක්ෂණ නිර්මාණශීලිත්වය, අධික ගුණාත්මක භාවයෙන් යුත් චීන ආර්ථික සංවර්ධනයට අභ්‍යන්තර අවශ්‍යතාව හා චීන සමාජය  අසීරුතාවන් අභිබවා යන ප්‍රධාන ගාමක බලවේගය බවට පත්වීම ඊට හේතුවයි.

ගෙවී ගිය වසර 5 තුළ චීන සමාජ පර්යේෂණ හා සංවර්ධන වියදම චීන යුවාන් බිලියන 1420ක් සිට බිලියන 2210ක් දක්වා ඉහළ ගොස් ඇත. අදාළ සංඛ්‍යාලේඛනය අනුව චීන විද්‍යා හා තාක්ෂණ නිර්මාණශීලී ගුණාත්මක භාවය හා ප්‍රමාණය දියුණු වී ඇත. ගෝලීය නිර්මාර්ණශීලි පුරෝගාමී ස්ථානය චීනය අත්පත් කර  ගෙන ඇතැයි ඉන් සහතික කර ඇත.

චීන නායකයන් අඛණ්ඩව නිර්මාණශීලිත්වය සංවර්ධනයේ ප්‍රමුඛ ගාමක බලවේගය ලෙස සැලකීම හේතුවෙන් මෙම ජයග්‍රහණය ලබා ගෙන ඇත. පසුගිය ඔක්තෝබර් මස පළ කළ 14 වැනි පස් අවුරුදු සැලැස්ම පිළිබඳ යෝජනාවට අනුව නිර්මාණශීලිත්වය චීනය නවීකරණය කිරීමේදී කේන්ද්‍ර ස්ථානය ලෙසට අනුගමනය කළ යුතු ය.

එමෙන්ම චීන විද්‍යා හා තාක්ෂණ නිර්මාණශීලී ප්‍රතිඵල, බුද්ධිමය දේපළ අයිතිවාසිකම ආරක්ෂා කිරීමෙන් වෙන් කළ නොහැකි ය. ලෝක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවිධානය මේ මස පළ කළ ‍ලෝක බුද්ධිමය දේපළ හිමිකම් දර්ශකය පිළිබඳ වාර්තාවට අනුව 2019 වසරේ චීන ජාතික බුද්ධිමය දේපළ අයිති පිළිබඳ දෙපාර්තමේන්තුවට පේටන්ට් ඉල්ලුම් මිලියන 1.4ක් ලැබී තිබේ. එය අඛණ්ඩව ලෝකයේ ප්‍රමුඛ ස්ථානයට පත්ව ඇත.

‍ලෝකයේ ඒකපාර්ශ්වවාදය හා ආරක්ෂණවාදය අඛණ්ඩව උග්‍ර වීම හේතුවෙන් කේන්ද්‍රීය තාක්ෂණය ලබා ගැනීම වෙනුවෙන් ස්වයං පර්යේෂණ හා සංවර්ධනය ශක්තිමත් කිරීම මගින් පමණක් තාක්ෂණ හා සංවර්ධන මුල පිරීමේ බලය ලබා ගත හැකි ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන