බටහිර රටවල විසින් එන්නත් රැස් කිරීම කොරොනා වසංගතයට එරෙහි ගෝලීය සටනේදී අයුක්ති සහගත ක්‍රියාවකි
2020-12-25 19:57:10
Share with:

බටහිර රටවල විසින් එන්නත් රැස් කිරීම කොරොනා වසංගතයට එරෙහි ගෝලීය සටනේදී අයුක්ති සහගත ක්‍රියාවකි_fororder_TIM图片20201225195525

වර්තමානයේ ගෝලීය නව කොරෝනා එන්නත් පර්යේෂණය සංවර්ධනය හා සැපයුම ධනාත්මක ප්‍රගතියක් ලබාගෙන ඇති අතර බොහෝ රටවල් මහා පරිමාණ එන්නත් කිරීමේ සැලසුම් අනුමත කර තිබේ. කෙසේ වෙතත්, සමහර බටහිර රටවල දේශපාලනඥ‍යෝ එන්නත් බෙදා හැරීමේ සාධාරණත්වය අතහැර දමමින් සිටිති. ඔවුන්ගේ එම ක්‍රියාව  වසංගතයට එරෙහි ගෝලීය සහයෝගීතාවයට බරපතල බලපෑමක් ඇති කර තිබේ.

මෑතකදී  ඇමරිකාවේ NBC ගුවන්විදුලි සංස්ථාව "සංවර්ධිත රටවල් කොරොනා එන්නත් ගබඩා කරමින් සිටින නමුත් දුප්පත් රටවල් ඒවා දැකීමට බලාපොරොත්තුවෙන් සිටී "යන මාතෘකාව යටතේ ලිපියක් පළ කළේ. තම රටේ නියාමන ආයතය විසින් අනුමත කිරීමෙන් පසු, ඇමරිකාව, කැනඩාව, එක්සත් රාජධානිය සහ අනෙකුත් සංවර්ධිත රටවල් කොරොනා එන්නත් තොග වශයෙන්  ගබඩා කරන ප්‍රමාණය එම රටවල මුළු ජනගහනය ඉක්මවා යනු ඇතැයි එම ලිපියෙන් අනාවරණය විය.

මෙම මාසය මුලදී ජාත්‍යන්තර එන්නත් පරීක්ෂණ ඒජන්සියක් වන  “මහජන එන්නත සන්ධානය” විසින් සකස් කරන ලද වාර්තාවකට අනුව, ඉහළ ආදායම්ලාභී රටවල් ලෝක ජනගහනයෙන් 14% ක් පමණක් වුවද, ඔවුන් දැනටමත් ලෝකයේ නව කොරොනා එන්නතෙන් අඩකට වඩා මිලදී ගෙන තිබේ. කැනඩාව පමණක්  තැන්පත් කර ඇති එන්නත් ප්‍රමාණය එරට මුළු ජනගහනය මෙන් පස් ගුණයක් විය. UNAIDS හි විධායක අධ්‍යක්ෂ Winnie Byanyima මහත්මිය විවේචනාත්මකව සඳහන් කළේ මොඩෙනා හි සියලුම නව කොරොනා එන්නත් සහ ෆයිසර් හි නව කොරොනා එන්නත් වලින් 96% ක් ඉහළ ආදායම්ලාභී රටවල් විසින් පැහැරගෙන ඇති බවයි.

එන්නත් බෙදා හැරීම "ධනය මත නොව වෛද්‍ය අවශ්‍යතා මත පදනම් විය යුතු" යැයි ගේට්ස් පදනමේ සම සභාපති බිල් ගේට්ස් මහතා පැවසීය.ඊනියා "ඇමරිකා ෆස්ට්" ඉතා ආත්මාර්ථකාමී බව ඔහු සඳහන් කළේය.

එන්නත් පර්යේෂණ හා සංවර්ධනය අතින් ඉදිරියෙන් සිටින රටක් ලෙස චීනය ගෝලීය එන්නත් සාධාරණ ලෙස බෙදා හැරීම ප්‍රවර්ධනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී. නව කොරොනා එන්නත ගෝලීය මහජන නිෂ්පාදනයක් බවට පත් කිරීමට පොරොන්දු වූ චීනය   සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත් ලබා ගැනීමේ හැකියාව සහ දැරිය හැකි ශක්තිය අවබෝධ කර ගැනීම සඳහා නොනවතින උත්සාහයක් දරමින් සිටී.

කොරොනා වසංගතයට එරෙහි ගෝලීය ජයග‍්‍රහණය සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍ය වේ. සංවර්ධිත රටවල් ඔවුන්ගේ සදාචාරාත්මක වගකීම් දැරිය යුතුය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන