ආර්ථික පුනරුත්ථාපන‍යෙන් චීනය ලෝකයට ගෙන දෙන නිශ්චිතබව
2020-12-20 19:09:13
Share with:

මෑතකදී අවසන් වූ චීන මධ්‍යම ආර්ථික කාරක සමුළුවෙන් වැදගත් සංඥාවක් නිකුත් කර ඇත. ස්ථිරබව, ලබන වසරේ චීනයේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ කැපී පෙනෙනම ලක්ෂණයකි. සාර්ව ප්‍රතිපත්තියේ අඛණ්ඩතාවය පවත්වා ගෙන යාම, ආර්ථික පුනර්ජීවනයට අවශ්‍ය අනුබලය පවත්වා ගෙන යාම, හදිසි දිශා හැරවීම සිදු නොකිරීම යන මූලධර්ම එහිදී ඉදිරිපත් කර ඇත.

චීන ආර්ථිකය පුනරුත්ථාපනය වීමේ ප්‍රවණතාවක පැවතියද ඇතැම් ක්ෂේත්‍ර හා කර්මාන්ත, විධිමත් තත්ත්වයට ආපසු පැමිණ නොමැත. ලබන වසරේ ආර්ථිකයට අභියෝගාත්මක සාධක රැසකට මුහුණ දීමටද සිදුවනු ඇත. එබැවින් සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ අඛණ්ඩතාව හා ස්ථිරබව පවත්වා ගෙන යාමේ ක්‍රියාමාර්ගය තුළින්, එළඹෙන වසර තුළ චීන ආර්ථිකයේ ස්ථිර පුනරුත්ථාපනයේ නිශ්චිත බව දැකිය හැකිය.

ලෝක කම්හල ලෙස චීනය සැලකේ. මෙරටේ ආර්ථික තත්ත්වය, හානියට ලක් ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයට අතිශයෙන් වැදගත්ය. නොවැම්බර් මාසයේ චීන අපනයනය සියයට 21.1කින් වර්ධනය වූ අතර එය බාහිර ලෝකයේ අපේක්ෂාව ඉමහත් ලෙස අභිබවා යාමකි. සැපයුම් දාමයේ වැදගත් සාධකයක් වශයෙන් චීනයේ කම්හල්වල යන්ත්‍රෝපකරණ, ලෝක වාසී ජනතාවගේ අවශ්‍යතාව සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව ඉන් පිළිබිඹු වී තිබේ.

චීනය ලෝකයට ගෙන දෙන නිශ්චිතබව ඉන් සීමා නොවේ. සුවිශාල විභවයක් ඇති, වඩාත් ඉහල මට්ටමේ විවෘතභාවය හඹා යන චීන වෙළඳපොල, වටිනා අපේක්ෂාවකි. ගෝලීය අන්තර් ජාතික ඍජු ආ‍යෝජනය පහල යාමේ පසුබිමක් යටතේ, චීනයේ අන්තර් ජාතික ආයෝජනය ඉහල යාමක් පෙන්නුම් කර ඇත. වසර 2020 මුල් මාස 11 තුළ, බැංකු, සුරැකුම් පත්‍ර, රක්ෂණ ක්ෂේත්‍ර හැර, චීනය ප්‍රායෝගික ලෙස භාවිත කළ විදේශ ආයෝජනය, යුවාන් බිලියන 899.38කි. වසර 2019ට වඩා එය සියයට 6.3ක වර්ධනයකි. ගෝලීය ආර්ථිකය අඳුරු තත්ත්වයක පැවතිය ද ජාත්‍යන්තර ආයෝජකයන්ට චීනය තවමත් උණුසුම් ආයෝජන ගමනාන්තයක් ලෙස සැලකෙන බව ඉන් පැහැදිලි වේ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන