චීනය ලෝක ආර්ථික පුනර්ජීවනයට ස්ථිර අපේක්ෂාවක් ගෙන දෙයි
2020-12-19 18:17:44
Share with:

චීනයේ වාර්ෂිකව පැවැත්වෙන මධ්‍යම ආර්ථික කාරක සමුළුව පසුගියදා බෙයිජිංහිදී අවසන් විය. වසර 2020සේ ආර්ථික කටයුතු සම්පිණ්ඩනය කිරීම, වත්මන් ආර්ථික තත්ත්වය විශ්ලේෂණය කරමින් 2021 වර්ෂයේ ආර්ථික කටයුතු සැකසීම එම සමුළුවේ ප්‍රධාන කරුණුය.

ගෙවී ගිය වසර තුළ චීන ආර්ථිකයට දුෂ්කරතා මඟ හැර ජයග්‍රහණ දිනා ගැනීමට හැකි වුවද වසංගත තත්ත්වය හා බාහිර පරිසරය පිළිබඳව පවතින අස්ථිර සාධක හේතුවෙන් චීන ආර්ථිකයේ පදනම පුනරුත්ථාපනය තවමත් අස්ථිර තත්ත්වයක පවතින බව එම සමුළුව පෙන්වා දී තිබේ.  කෙසේ වුවද ලබන වසරේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පැහැදිලිව මාර්ගෝපදේශ සලසා ඇත. ප්‍රතිපත්තිමය අඛණ්ඩතාව හා ස්ථිරබව පවත්වා ගෙන යන අතරතුර වඩාත් නිවැරදි ලෙස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් හදිසි දිශා හැරවීමක් සිදු නොකළ යුතු බව ප්‍රකාශ කෙරේ. චීනයේ මෙම ප්‍රකාශය, ලෝක ආර්ථික පුනර්ජීවනයට ස්ථිර අපේක්ෂාවක් ගෙන දී ඇති අතර ඉන් දැවැන්ත රටක වගකීම ද මනා ලෙස විදහා පා ඇත.

මේ අතර බහුපාර්ශ්වවාදයේ ධජය ඉහලින් ඔසවා ගෙන ගෝලීය පාලන ප්‍රතිසංස්කරණයට සක්‍රීය ව සහභාගි වෙමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ඉදිරියට මෙහෙයවිය යුතු බවත් මෙවර සමුළුව අවධාරණය කළේය. එම ස්ථාවරය, ගෝලීයකරණයට බාධා එල්ලවන වර්තමානයේ නම් ඉමහත් වැදගත්කමකින් යුතු වූවකි. බහුපාර්ශ්වවාදය වෙනුවෙන් වඩාත් අනුබල දීමටත් ගෝලීය පාලනය වඩාත් සාධාරණ ලෙස ප්‍රතිසංස්කරණය කිරීමටත් දායක වීමට චීනය සූදානම් බව ඉන් කියැවේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන