මානවයන්ගේ සුභසෙත වෙනුවෙන් වඩාත් කැපවීමට චීනය දිරිමත් කරන චන්ද්‍ර ගවේෂණයේ සාර්ථකත්වය
2020-12-18 10:39:45
Share with:

මානවයන්ගේ සුභසෙත වෙනුවෙන් වඩාත් කැපවීමට චීනය දිරිමත් කරන චන්ද්‍ර ගවේෂණයේ සාර්ථකත්වය

චන්ද්‍ර ගවේෂණයේ සාර්ථකත්වය මානවයන්ගේ සුභසෙත වෙනුවෙන් වඩාත් කැපවීමට චීනය දිරිමත් කරයි.

චන්ද්‍ර පස් සාම්පල රැගත් Chang'e-5 චන්ද්‍ර ගවේෂණ යානය ඊයේ(17) අළුයම සාර්ථකව පෘථිවියට ආපසු ළඟා විය. වසර 44කින් පසු මානවයා යළි වරක් චන්ද්‍ර පස් සාම්පල රැගෙන ආ අවස්ථාව ලෙසට මෙය සැලකේ. චීනයේ ඉහළ ම සංකීර්ණත්වය හා විශාලතම තාක්ෂණ පරාසය සහිත අභ්‍යාවකාශ පද්ධති ව්‍යාපෘතිය ලෙස Chang'e-5 චන්ද්‍ර ගවේෂණ යානය, චීන අභ්‍යාවකාශ ඉතිහාසයේ ප්‍රථම වරට සිදු කළ ක්‍රියාකාරකම් පහක් සාර්ථකව සම්පූර්ණ කර ඇත. පෘථිවියෙන් පිටත ග්‍රහකයකින් සාම්පල ලබා ගැනීම හා ඇසුරුම, පෘථිවියෙන් පිටත යානාවක් නිකුත් කිරීම හා කක්ෂයට එක් කිරීම, ගගනගාමින් රහිත චන්ද්‍ර කක්ෂයේ තටාකගත කිරීම හා සාම්පල වෙනත් යානයකට යොමු කිරීම, චන්ද්‍ර පස් සාම්පල රැගෙන ඒම, චීන චන්ද්‍ර සාම්පල පර්යේෂණ ක්‍රියාදාමය තුළ සම්පූර්ණ කෙරුණු කාර්යයන් ය.

Chang'e-5 චන්ද්‍ර ගවේෂණ කාර්යය සාර්ථකව අවසන් කිරීම අන්‍යෝන්‍ය වාසි සහගත හා‍ පොදු ජයග්‍රහණය පදනම් කර ගන්නා ජාත්‍යන්තර සහයෝගිතාවෙන් වෙන් කළ නොහැකිය. චීන ජාතික අභ්‍යාවකාශ දෙපාර්තමේන්තුව, විදේශ අභ්‍යාවකාශ ආයතන 44ක් හා ජාත්‍යන්තර සංවිධාන 4ක් සමග අභ්‍යාවකාශ සහයෝගිතා ලේඛන 140කට වැඩි සංඛ්‍යාවක් අත්සන් තබා ඇත. ඉන් චන්ද්‍රයා හා අඟහරු ග්‍රහයා ඇතුළු ගවේෂණ කාර්යයන් තුළ පුළුල් සහයෝගිතා පවත්තා තිබේ. චන්ද්‍ර ගවේෂණය කිරීමේ ජීවගුණයෙන් යුත් චීනය අඛණ්ඩව නිර්මාණශීලිත්වය හා ජාත්‍යන්තර සහයෝගිතා ශක්තිමත් කිරීම මගින් අභ්‍යාවකාශයේ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩ නැගීමට සිය කැපවීම වර්ධනය කරනු ඇත.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන