චීන නොරිස්සුම් බලවේගයන් ගේ අසාර්ථක චීන විරෝධී උපායන්
2020-12-18 19:44:27
Share with:

මෑතකදී බටහිර ලෝකයේ ඇතැම් චීන නොරිස්සුම් බලවේග චීනයේ ෂින්ජියං උයිගුර් ස්වයාත්තය ඉලක්ක කරමින් ව්‍යාජ පුවත් යළිත් කරළියට ගෙන එමින් සිටී. චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ උයිගුර් ජාතික වැසියන් පන් ලක්ෂයකට වැඩි පිරිසක් බලහත්කාරයෙන් කපු නෙලා ගැනීමේ කටයුතුවල යෙදවූ බව ඇමරිකාවේ ගෝලීය ප්‍රතිපත්ති මධ්‍යස්ථානය පසුගිය 15 වනදා නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. ඊට සමාන ආකාරයේ චෝදනාවක් චීනයට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුව ද නගා ඇත.

සත්‍ය තත්ත්වය නම් බලහත්කාරයෙන් ශ්‍රමය යොදා ගැනීම  සම්පූර්ණයෙන්ම ව්‍යාජයකි. චීන රජය ෂින්ජියංහී විවිධ ජන වාර්ගික ජනතාවගේ ස්ථාවර රැකියා නියුක්තිය ප්‍රවර්ධනය සඳහා ක්‍රියාත්මක කරන සහායක ප්‍රතිපත්තිය, බලහත්කාරී ශ්‍රම භාවිතය හා සමාන කිරීම මගින්, චීනයේ ප්‍රතිරූපයට හානි කරමින් එහි විවිධ ජන වාර්ගිකයින් අතර සමගිය විනාශ කරමින් චීනයේ සංවර්ධනය මර්දනය කිරීම ඇතැම් බටහිර බලවේගවල උපාය වී තිබේ.

පසුගිය මාස කිහිපය තුළදී ෂින්ජියංහි රැකියා නියුක්ති සහතිකය පිළිබඳ ධවල පත්‍රිකාව, ෂින්ජියංහි විවිධ ජන වාර්ගිකයින්ගේ රැකියා නියුක්තිය පිළිබඳ සමීක්ෂණ වාර්තාව යන ලිපිලේඛන චීනය විසින් පළ කරනු ලැබ තිබේ. සවිස්තරාත්මක දත්ත මෙන්ම සැබෑ සිද්ධි හා සාක්ෂි ඉදිරිපත් කරමින් ෂින්ජියංහි වෙසෙන ජනතාව ස්වයං කැමැත්ත මත යෝග්‍ය ලෙස රැකියාවල නියුක්ත වීමේ සැබෑ තත්ත්වය එහි මනා ලෙස විස්තර කර ඇත. ෂින්ජියංහි ක්‍රියාත්මක වන රැකියා නියුක්ති ප්‍රතිපත්තිය ශ්‍රමිකයින්ගේ රැකියා කැමැත්තට පූර්ණ ගරුත්වය දක්වා ඇති අතර නීතියට අනුව ශ්‍රමිකයින්ගේ මූලික අයිතීන් ආරක්ෂා කර ඇති බව ඉන් පැහැදිලි ව සඳහන් වේ.

ජනතාවගේ රැකියා නියුක්ති කැමැත්ත විමසීම, වෘත්තීය නිපුණතා පුහුණු ලබා දීම, රැකියා නියුක්ති තොරතුරු වේදිකාව ගොඩනැගීම ඇතුළු ෂින්ජියං ප්‍රාදේශීය රජයේ සියල්ලම රැකියා නියුක්ති සහායක ප්‍රතිපත්ති, හැම විටම ජනතාවගේ ස්වයං කැමැත්ත මත  ක්‍රියාත්මක කර ඇත. බලහත්කාර ශ්‍රම භාවිතය හිතළුවක් ම පමණි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන