සාක්ෂි රහිතව වංචනිකව දෝෂාරෝපනය පමණක් සිදු කරන බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාවේ සැබෑ අරමුණ හෙළි වෙයි
2020-12-16 18:59:40
Share with:

මේ දිනවල බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව යන රටවල මාධ්‍ය ආයතන හා දේශපාලන කවයන් අද්භූත පුවතක් උද්දීපනය කර ව්‍යාප්ත කරමින් සි‍ටී. චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින්, චීනයේ රැඳී සිටින බ්‍රිතාන්‍යය ඇතුළු විදේශ රටවලට අයත් ආයතන හා ව්‍යාපාරවලට ඇතුළු වී ඔත්තු සේවාවෙහි නිරත වන්නේ යැයි ඔව්හූ චෝදනා නගති. චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් මිලියන 1.95ක තොරතුරු ඇති ලිපිලේඛනයක් මත එම මාධ්‍ය ආයතන හා දේශපාලනඥයෝ‍ මෙම අභූත චෝදනාව සිදු කරති.  එහෙත් එම ආයතන හෝ ව්‍යාපාර ඔත්තු සේවාවට ලක් වූ බවට සාක්ෂියක් ඉදිරිපත් කිරීමට එම මාධ්‍ය ආයතන හෝ දේශපාලනඥයන්ට නොහැකි වී තිබේ.

සිද්ධිය ගැන සොයා යාමේ දී සත්‍යය අනාවරණය විය.

අදාළ ලිපිලේඛනය සපයා ඇත්තේ ‘චීන ප්‍රතිපත්තිය පිළිබඳ අන්තර්ජාතික පාර්ලිමේන්තු සන්ධානය’ නම් සංවිධානයක් විසිනි. එම සංවිධානය, පසුගිය ජුනි මාසයේ ඇමරිකානු  සෙනෙට් මන්ත්‍රී Marco Rubio නම් චීන විරෝධී දේශපාලනඥයෙකු විසින් ස්ථාපිත කරන ලද්දකි. රටවල් අටක සාමාජිකයින් 18 දෙනෙකුගෙන් සමන්විත සංවිධානයේ පරමාර්ථය වන්නේ, චීනයට අදාල ප්‍රශ්න සම්බන්ධයෙන් ඊට ගැලපෙන ප්‍රති ක්‍රියාමාර්ගය සැකසීමය. එම සංවිධානයේ සාමාජිකයින්, එක් එක් රටවල දේශපාලන කවයන්හී අන්තික පුද්ගලයන්ය. චීනයේ හොංකොං, ෂින්ජියං, ටිබෙට් පිළිබඳ ප්‍රශ්න මගින් චීනයට අපහාස කිරීමෙන් වැඩි ජන අවධානය දිනා ගැනීම ඔවුන්ගේ සැබෑ අරමුණය.

දැනට චීනයේ චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ නව කෝටි විසි ලක්ෂයක් පමණ සිටිති. ඔවුන් විවිධ ක්ෂේත්‍ර තුළ ප්‍රමුඛ ආදර්ශවත් ලෙස කටයුතු කර ඇත. විදේශීය ආයතන, චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජික පසුබිම ඇති සේවක සේවිකාවන් බඳවා ගැනීම, සාමාන්‍ය දෙයකි. එම පිරිස සිය සේවා කටයුතු මනා ලෙස ඉෂ්ට කරමින් අදාල ආයනතවල පුළුල් පිළි ගැනීමට ලක් වී ඇත. සාක්ෂියක් ඉදිරිපත් නොකර ඔවුන් ඔත්තු සේවාවෙහි නිරත වන බවට චෝදනා කිරීම, බටහිර මාධ්‍ය ආයතන හා දේශපාලනඥයින් විසින් මෙහෙයවන ලද තවත් වංචාවක් බව පැහැදිලිය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන