ද්විත්ව ප්‍රමිතීන් මගින් වසන් කළ නොහැකි යථාර්තය
2020-12-14 20:40:13
Share with:

චීනයේ හත් වන නන්ජිං සමූල ඝාතනයට ගොදුරු වූවන් සිහිකරන ජාතික අනුස්මරණ දිනය පසුගිය දෙසැම්බර් 13 වන දාට යෙදිණ. මේ නිමිත්තෙන්, ට්විටර් සමාජ වෙබ් අඩවියේ විරසක සිද්ධියක් සිදු විය. නන්ජිං සමූල ඝාතනය පිළිබඳ ඓතිහාසික ඡායාරූප හා දෘෂ්‍ය ‍ඛණ්ඩ, ‘හේතු රහිත ක්‍රෑරබව ප්‍රචාරය කිරීම’ යැයි හේතු දක්වා‍ ඉවත් කෙරිණ.  මේ අතර ජපාන අන්ත දක්ෂිණාංශික පුද්ගලයින් ඉතිහාසය විකෘති කරමින් කළ කථා හා ප්‍රකාශන එසේම තබා ඇත.

මෙවැනි හුදෙක් ද්විත්ව ප්‍රමිති , බටහිර මාධ්‍ය ආයතන විසින් ම ප්‍රචාරය කරන ලද කථා කිරීමේ නිදහසේ සැබෑ ප්‍රතිරූපය අනාවරණය කරන්නක් වන අතර ඔවුන්ගේ විකෘති ආකල්පය හා ඔවුන් රඟපාන දේශපාලන දාමරිකයන්ගේ චරිත වඩාත් පැහැදිලි විය.

නන්ජිං සමූල ඝාතනය, ජාත්‍යන්තර යුද අධිකරණය විසින් නිල වශයෙන් නීන්දු කරනු ලැබූ අපරාධ ක්‍රියාවකි. ට්විටර් වෙබ් අඩවිය විසින් ඉවත් කරන ලද ඡායාරූප, ජාත්‍යන්තර පිළි ගැනීමට ලක් ඓතිහාසික සාක්ෂීන් ය.  මානව ශිෂ්ටත්වයේ අවසන් සීමාව ඉක්මවූ අපරාධ ක්‍රියාවන් පිළිබඳව ට්විටර් වෙබ් අඩවිය ද්විත්ව ප්‍රමිති ගැනීම, විශාල ප්‍රමාණ අන්තර් ජාල භාවිත කරන්නන්ගේ දෝෂාරෝපනයට ලක් විය. එම ඡායාරූප, සැබවින්ම සිදු වූ ක්‍රෑරබව මිස, හේතු රහිත ක්‍රෑරබව නොවන බවත්, සියළු ලෝක වාසීන් ඇත්ත නොබලා නොසිටිය යුතු අතර, ඉතිහාසය නිසියාකාරයෙන් සැලකිය යුතු බව ඔවුහූ ඉල්ලා සිටියහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන