මීළඟ ඇමරිකානු ජනාධිපතිවරයාට වත්මන් ඇමරිකානු රජයයෙන් එල්ල වන අභියෝගයක්
2020-12-11 20:40:04
Share with:

ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo ගේ ධූර කාලයට තව ඉතිරි ව ඇත්තේ සුළු කාලයකි. චීනයට එරෙහි ව නොයෙක් ආකාරයෙන් කටයුතු කර ඇති ඔහු මෑතදී පෙරට වඩා උමතුවෙන් මෙන් චීනයට පහර දෙන බව දක්නට ලැබේ. පසුගිය දා ඇමරිකාවේ Georgia තාක්ෂණ ආයතනයේ දේශනයක් පවත්වමින් ඔහු කියා සිටියේ චීනය ඇමරිකාවේ උසස් අධ්‍යාපනයට හානි කරන බවයි. Massachusetts තාක්ෂණ ආයතනය හා Washington විශ්වවිද්‍යාලය චීනයෙන් දීමනා ලබාගෙන චීනයට යටපත් ව සිටින බවට Mike Pompeo එහිදී චෝදනා කළේ ය. මෙම ප්‍රකාශයට එම උසස් අධ්‍යාපන ආයතන දෙක තරයේ විරෝධය පළ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

බලයට පත් වූ දා සිට මේ දක්වා Mike Pompeo ලා කිසි දිනෙකවත් චීනයට පහර දීම නතර කර නැත. චීන රජය හා චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයට බොරු චෝදනා නැගීම,  චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගේ ඥාතීන් ඇමරිකානු සංචාරවලට සීමා පැනවීම,  චීන-ඇමරිකා සංස්කෘතික හුවමාරු වැඩසටහන් අත්හිටුවීම සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ නි‍යෝජ්‍ය සභාපතිවරුන්ට සම්බාධක පැනවීම... Mike Pompeo ලා කෙළවරක් නැතුව ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් ය. වත්මන් ඇමරිකානු රජයට තවත් ඇත්තේ සීමිත කාලයකි. එබැවින් ඇතැම් දේශපාලනඥයන් ඇමරිකා- චීන සම්බන්ධතාව හැකි තරමින් උපයෝගී කර ගනිමින් මීළඟ රජයට ‍ බාධක ඇති කරන බව බොහෝ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

එහෙත් එවන් ක්‍රියාමාර්ග දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පුළුල් විවේචනයට ලක් ව තිබේ. මෑතදී කාම්බෝජය, ග්‍රීසිය හා බොට්ස්වානා ඇතුළු රටවල නායකයන් කියා සිටියේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය විශිෂ්ට ජයග්‍රහණ අත්කරගෙන ඇති බවයි. මීළඟ ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රථමයෙන් ම චීන නායකයා සමග සංවාද පවත්වමින් පළුදු වූ ද්විපාර්ශ්වික සම්බන්ධතාව යහපත් කළ යුතු බවට ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් Henry Alfred Kissinger මහතා මෑතදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන