ආසියාන් ප්‍රජාවගේ සංවර්ධනය සඳහා චීන ජනාධිපතිවරයාගෙන් සිව්වැදෑරුම් යෝජනාවලියක්
2020-11-27 19:55:40
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද පැවති 17 වන චීන-ආසියාන් ප්‍රදර්ශනයේ සහ ව්‍යාපාර හා ආයෝජන සමුළුවේ සමාරම්භක උත්සවය වීඩියෝ ආකාරයෙන් ඇමතුවේය. වඩාත් සමීප, පොදු ඉරණමක් සහිත චීන ආසියාන් ප්‍රජාව සංවර්ධනය කළ යුතු බව අවධාරණය කරමින් ඔහු එහිදී සිව්වැදෑරුම් යෝජනාවලියක් ද ඉදිරිපත් කළේය.

වත්මන් යුගයේ ලෝක ආර්ථිකය වසංගතයේ ප්‍රහාරයට ලක් වී දුෂ්කර තත්ත්වයකට ගොදුරු වී තිබේ. අදාළ ජාත්‍යන්තර ආයතනවල තක්සේරුවලට අනුව නැගෙනහිර ආසියාව මෙම වසරේ ලෝකයේ ධනාත්මක ආර්ථික වර්ධනය අත්කර ගත හැකි එකම කලාපය වනු ඇත. මෙවන් පසුබිමක් යටතේ චීනයේ සත්කාරකත්වය මත නියමිත කාලයට අනුව චීන ආසියාන් ප්‍රදර්ශනය හා ව්‍යාපාර හා ආයෝජන සමුළුව පවත්වා ඇත. වඩාත් ඉහල මට්ටමක විවෘතභාවය පවත්වමින් ආසියාන් සංගමය සමග සහයෝගිතාව පුළුල් කිරීම පිළිබඳ චීනයේ අධිෂ්ඨානය මෙයින් පිළිබිඹු වනු ඇත.

ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ සිව්වැදෑරුම් යෝජනාවලිය මෙසේය:

උපක්‍රමීය අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කරමින් සංවර්ධන ක්‍රියාමාර්ග එකිනෙක සම්බන්ධීකරණය කිරීමය. ආර්ථික වෙළඳ සහයෝගිතා පුළුල් කරමින් කලාපීය ආර්ථික පුනර්ජීවනය කඩිනම් කිරීමය. විද්‍යා තාක්ෂණික නිර්මාණශීලිත්වය වර්ධනය කරමින් ඩිජිටල් ආර්ථික සහයෝගතාව ප්‍රවර්ධනය කිරීමය. වසංගත පාලන සහයෝගිතාව පවත්වා ගෙන යමින් පොදු සෞඛ්‍ය හැකියා සංවර්ධනය ශක්තිමත් කිරීමය.

ක්ෂේත්‍ර රැසක සහයෝගිතාවන්ට අදාළ එම යෝජනාවලිය සත්‍යය හා දිගු කාලීන සැලැසුම් එකතු කිරීමකි. එය ආසියාන් රටවල වසංගත පාලනයට රුකුලක් වන අතර  කලාපීය හා ලෝක ආර්ථික පුනර්ජීවනයට ද එමගින් ඉදිරියට ගමන් කරනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන