විදෙස් රටවල ගනුදෙනු වලට හොර රහසේ ඇහුම්කන් දෙන ඇමරිකානු රහස් ඔත්තු සේවා
2020-11-26 19:14:33
Share with:

ඇමරිකාව සහ ඩෙන්මාර්ක් රාජ්‍යය අතර ඔත්තු සේවා පිළිබඳ පුවතක් මෑතකදී උණුසුම් අවධානයකට ලක් ව ඇත. වසර 2015ත් 2016ත් අතර කාලයේ ඩෙන්මාර්ක් රාජ්‍යය නව යුද ගුවන් යානා තොගයක් මිලට ගැනීමට සැලසුම් කළේය. ඩෙන්මාර්ක් සමග පැවති  විශේෂ ඔත්තු සේවා සහයෝගිතා සම්බන්ධකම ප්‍රයෝජනයට ගනිමින්, ඇමරිකානු ජාතික ආරක්ෂක අංශය, ඩෙන්මාර්ක් මුදල් අමාත්‍යංශය හා විදේශ අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය අංශ හා හමුදා කර්මාන්ත ව්‍යාපාර ගනුදෙනු රහසේ නිරීක්ෂණය හා සවන් දීම සිදු කළේය. අවසානයේ ඇමරිකානු Lockheed Martin සමාගම ඩෙන්මාර්ක් පාර්ශ්වය පැවැත්වූ ටෙන්ඩර් කැඳවීමෙන් ජය ගත්තේය.

ඔත්‍තු සේවාවෙන් ඩෙන්මාර්ක් හි රහස් එකතු කිරීම හැරුණු විට, ස්වීඩනය, ජර්මනිය, ප්‍රංශය, නොර්වේ, නෙදර්ලන්තය ඇතුළු රටවල තොරතුරු රහසේ එකතු කිරීමෙහි ද ඇමරිකාව නිරත වී තිබේ. යුරෝපයට සැබෑ තර්ජනය ඇති වෙන්නේ වොෂින්ටන්වලින්  යැයි බ්‍රිතාන්‍යයේ ජගත් සබඳතා වි‍ශ‍්ලේෂක Tom Fowdy මහතා ඍජුවම පෙන්වා දී තිබේ.

ඇත්තටම මේ පිළිබඳව යුරෝපය කණගාටුවට පත් වේවි. ඇමරිකාවට ගෝලීය පරාසයක් තුළ විශාල ඔත්තු සේවා දාමයක් ස්ථාපිත කිරීමට හැකි වී ඇත්තේ ඔවුන්ගේ බටහිර සන්ධාන රටවල උපරිම සහායෙන් බව රහසක් නොවේ.

Edward Snowden ට, ඇමරිකාවේ ඔත්තු සේවාවේ අපකීර්තිය අනාවරණය කිරීමට සහාය දැක්වූ මාධ්‍යවේදී Glenn Greenwald පුවත් වාර්තාවක් පළ කරමින් ඇමරිකාවේ දුෂ්ට හැසිරීම් තව තවත් හෙලිදරව් කළේය. ආර්ථික ගිවිසුම්වලට එළඹීම සඳහා පැවැත්වූ රැස්වීම්, ඇමරිකානු රාජ්‍ය සංවිධානය, ඛනිජ තෙල් සමාගම්, ඛනිජ හා බලශක්ති කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අංශ, සිය සන්ධාන රටවල නායකයින් හා එම රටවල සමස්ත පුර වැසියන්, මේ සියල්ලම ඇමරිකාව විසින් හොරෙන් ශ්‍රවනය කර තිබේ. දාමරිකවාදී ඇමරිකාවට, සන්ධාන රටවල තොරතුරු හොරෙන් එකතු කිරීම, ආහාර වේලක් තරම් සාමාන්‍ය දෙයක් බව පැහැදිලිය.

ඇමරිකානු ජනාධිපති ධුරයට අලුතෙන් පත්ව ඇති Joseph Robinette Biden, Jr මහතා සිය සන්ධාන රටවල් සමග සබඳතාව පුනරුත්ථාපනය කිරීමට කැමැත්ත දක්වා තිබීම ඉදිරියේදී ඇමරිකා යුරෝපීය සබඳතාවය යම් මට්ටමකින් යහපත් වීමට හේතු වනු ඇතැයි තක්සේරු කළ හැකිය. එහෙත් දෙපාර්ශ්වය අතර බොහෝ කැපී පෙනෙන ගැටළු පවතින බැවින් එම යහපත් වීම, සීමාසහිත එකක් බව පෙන්වා දිය යුතුය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන