ලෝක ආර්ථික පුනර්ජීවනයට අදාළ චීන විසඳුම් මාලාවක් ජනාධිපති ෂී ජින්පිං මහතාගෙන් ජාත්‍යන්තරයට
2020-11-23 20:34:17
Share with:

පසුගිය 17 වනදා සිට 22 වනදා දක්වා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බ්‍රික්ස් රටවල නායකයන්ගේ 12 වන හමුවට, එපෙක් සංවිධානයේ නායකයන්ගේ 27 වන නිල නොවන සමුළුවට, ජී 20 කණ්ඩායමේ නායකයින්ගේ 15 වන සමුළුවට වෙන් වෙන් ව එක් වෙමින් වැදගත් දේශන මාලාවක් ඉදිරිපත් කළේය.

වර්තමානයේ, ලෝකයෙන් කොරොනා ආසාදිතයින් පන් කෝටි හැත්තෑ ලක්ෂයක් වාර්තා වී තිබේ. වසංගත පාලනය හදිසිම කාර්යභාරයයි. එම සමුළු අවස්ථා තුනේදී ම ෂී ජින්පිං මහතා චීනයේ වසංගත පාලන අත්දැකීම් විස්තර කරමින් ජාත්‍යන්තර වසංගත පාලන සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳ ක්‍රියාමාර්ග හා විධිවිධාන සඳහා ද උපදෙස් දී ති‍බිණ. ජනතාව කේන්ද්‍රීය කොට ගනිමින්, සමගිය හා සහයෝගිතාව ශක්තිමත් ම අවි ආයුධ ලෙස භාවිත කරන ලෙසට ඔහු විවිධ පාර්ශ්වයන්ගෙන් ආයාචනය කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛ කාර්යභාරයට අනුබල දක්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය. එන්නත් විවිධ රටවල ජනතාවට ලබා ගත හැකි පොදු නිෂ්පාදිතයක් බවට පත් කළ යුතු බව ද ඔහු යළි යළිත් අවධාරණය ක‍ළේය.

වසංගතය හමුවේ ‍ලෝක ආර්ථිකය අසීරුම තත්ත්වයකට ගොදුරු වී තිබේ.  නිෂ්පාදන හා ව්‍යාපාරික කටයුතු මුළින්ම යළි ආරම්භ කිරීමට හැකි වූ රටක් වශයෙන්, ලෝක ආර්ථික පුනර්ජීවනයට අදාළ චීන විසඳුම් මාලාවක් එම සමුළු තුනේදී ඉදිරිපත් කෙරිණ. ‘විවෘතභාවය, නිර්මාණශීලිත්වය, ඇතුළත්භාවය, හරිතකරණය’ එහි කේන්ද්‍රීය කරුණු ය. චීනයේ අත්දැකීම්වලින් බිහි වූ එම සංකල්ප, ලෝක ආර්ථික වර්ධන දිසාවට ද ගැලපේ. ලෝක ආර්ථිකය මඩ සහිත මාර්ගයෙන් ඇද ගෙන යාමට එය රුකුලක් වනු ඒකාන්තය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන