ආර්ථික සහයෝගිතාව ජය පැරදුම තීරණය කරන දේශපාලන ක්‍රීඩාවක් නොව අන්‍යෝන්‍ය ජයග්‍රහණ හා යහපත මත පදනම් වූ සංවර්ධන වේදිකාවක් බව චීන ජනාධිපතිවරයා පවසයි
2020-11-21 17:02:53
Share with:

ඊයේ (20) එපෙක් ආර්ථික ප්‍රධානීන්ගේ 27වැනි සමුළුව වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ. ආසියා-පැසිෆික් පොදු හවුලක් ගොඩ නැගීම එම සමුළුව විසින් නියම කරල ලද ඉලක්කයකි.මෙම ඉලක්කය ඉදිරි වසර 20සේ ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතාව සඳහා පැහැදිලි දිශාවක් ‍පෙන්නුම් කර තිබේ.

“ආසියා-පැසිෆික් සහයෝගීතාවයේ නව අදියරක් ආරම්භ කිරීම සඳහා අප මෙය නව ආරම්භක ස්ථානයක් ලෙස සැලකිය යුතුයි.” යනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුව අමතමින් කියා සිටියේ ය. විවෘත, නවෝත්පාදන වර්ධනයක්, අන්තර් සම්බන්ධතාවයක් සහ පොදු ජයග්‍රාහී සහයෝගීතාවයකින් යුත් පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩ නැගීම සඳහා එපෙක් සංවිධානය හා එක්ව කටයුතු කිරීමට චීනය කැමති බව හෙතෙම සිය දේශනයෙන් සඳහන් කළේ ය.

මේ වසරේ කොරොනා වසංගතය හේතුවෙන් ආසියා-පැසිෆික් කලාපයේ ආර්ථික වර්ධනය ගත වූ වසර 30 තුළ ප්‍රථම වරට සෘණ තත්ත්වයකට මුහුණ දෙනු ඇතැයි එපෙක් සංවිධානයට අයත් ආර්ථික පර්යේෂණ ආයතනය ඇස්තමේන්තු කර තිබේ. ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතාවට මඟ පෙන්වන Bogor ඉලක්ක මේ වසරේ අවසානයේ අවලංගු වනු ඇත. එම ඉලක්ක අවලංගු වීමෙන් පසු නව සැලැස්මක් අවශ්‍ය වේ. මෙවර එපෙක් ආර්ථික ප්‍රධානීන්ගේ සමුළුවේදී චීන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ආසියා-පැසිෆික් පොදු හවුලක් යන සංකල්පය හෙතෙම ඉස්මතු කරමින් ඉදිරියේදී ආසියා-පැසිෆික් සහයෝගිතාව වෙනුවෙන් පැහැදිලි හා ප්‍රායෝගික සැලැස්මක් යෝජනා කර ඇත. ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතාව ජය පැරදුම තීරණය කරන දේශපාලන ක්‍රීඩාවක් නොව අන්‍යෝන්‍ය ජයග්‍රහණ හා යහපත  මත පදනම් වූ සංවර්ධන වේදිකාවක් බව චීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන