තම රටේ කොරොනා ව්‍ය්පතිය අතිශය අවදානමක ඇති මොහොතක ඇමරිකානු රජය ඊට නිසි පියවර නොගෙන තමන්ගේ වරද අනුන්ට පවරන අතිශය භයානක ක්‍රීඩාවක
2020-11-20 19:58:59
Share with:

ඉදිරි මාස 3 තුළ බරපතල ම කොරොනා වසංගත තත්ත්වයට ඇමරිකාව මුහුණ දෙනු ඇති බවට ඇමරිකාවේ Georgetown විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විශේෂඥ Lawrence Goldstein මහතා අනතුරු අඟවා තිබේ. මේ වන විට ඇමරිකාවේ කොරොනා වසංගත තත්ත්වය පාලනය කළ නොහැකි තරමට උග්‍ර වෙමින් පවතී. ගත වූ සතිය තුළ අලුතින් තහවුරු කරන ලද ආසාදිතයන් සංඛ්‍යාව ‍දෛනික ව එක් ලක්ෂ 60 දහස ඉක්මවා ගොස් ඇත. එය මීට පෙර සති දෙක තුළ පැවති සාමාන්‍ය මට්ටමට වඩා 77%කින් වර්ධනය වීමකි. පසුගිය සතිය දක්වා ඇමරිකාවේ ළමුන් හා තරුණයන් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් කොරොනා වෛරසය ආසාදනය වී සිටීම තවත් කණගාටුවට කාරණයකි. මෙවන් තත්ත්වය හමුවේ ඇමරිකාවේ සහකාර සෞඛ්‍ය ලේකම් Brett Giruvar මහතා කියා සිටින්නේ ඇමරිකාව ඉතා අනතුරුදායක තත්ත්වයකට පත් ව ඇති බවයි.

එහෙත් මෙවන් අනතුරුදායක තත්ත්වය ඇමරිකානු නායකයාගේ සැලකිල්ලට ලක් වී නොමැත. මෑතදී ඔහු සමාජ ජාලයේ යළි වරක් කොරොනා වෛරසයට චීන වෛරසය කියා පැවසීය. පෙර සේම ඔහු කළේ තමන් අතින් වූ වරද යළි චීනයට දෙසට අහේතුකව යොමු කිරීමයි.

පසුගිය දා ඉතාලි පර්යේෂකයන් නිබන්ධනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ 2019 වසරේ සැප්තැම්බර් මාසයේ කොරොනා වෛරසය ඉතාලියේ ව්‍යාප්ත වූ බවයි. එවන් ප්‍රකාශයක් මීට පෙර විවිධ රටවල විද්‍යාඥයන් විසින් ද සිදු කර තිබිණ. වෛරසයේ මූලාම්භය දේශපාලනඥයන් නොව විද්‍යාඥයන් විසින් විද්‍යාත්මක පර්යේෂණ මගින් සොයා ගත යුතු ය.

මේ වන විට ඇමරිකාවේ රෝහල් කොරොනා ආසාදිත රෝගීන්ගෙන් පිරී තිබේ. එහෙත් ඇමරිකානු රජය ඊට නිසි පියවර නොගෙන තමන්ගේ වරද අනුන්ට පවරා දීම අතිශය භයානක ය. වසංගතය ව්‍යප්ත වීමට ඉඩ හැරීම ඉතා අවදානම් දෙයක් බව මෑතදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කළ අනතුරු ඇඟවීම මේ මොහොතේ අපට යළි සිහිපත් වේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන