නව සංවර්ධන රටාවෙන් ලොවට ගෙන එන්නේ කුමක්ද යන්න චීන ජනාධිපතිවරයා සවිස්තරාත්මකව පැහැදිලි කරයි
2020-11-20 10:08:25
Share with:

නව සංවර්ධන රටාවෙන් ලොවට ගෙන එන්නේ කුමක්ද යන්න චීන ජනාධිපතිවරයා සවිස්තරාත්මකව පැහැදිලි කරයි

නව සංවර්ධන රටාව ලොවට ගෙන එන්නේ කුමක්ද? චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙම කරුණු තුන සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත.  

චීනයේ උත්රීතර නායක ෂී ජින් පිං මහතා ඊයේ (19 ) ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) ප්‍රධාන විධායක නිලධාරීන් ගේ සංසදයේ දී ප්‍රධාන දේශනයක් පවත්වමින් කියා සිටියේ චීනය නව සංවර්ධන රටාවක් ගොඩනැගීම කිසිසේත් සංවෘත දේශීය තනි චක්‍රයක් නොව විවෘත හා අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් වන දේශීය හා ජාත්‍යන්තර ද්විත්ව චක්‍රයක් බවයි. චීනයේ නව සංවර්ධන රටාව වෙළඳපල, විවෘතභාවය සහ සහයෝගීතාවයේ දෘෂ්ටිකෝණයන් මගින් ලෝකයට ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී ක්‍රමානුකූලව පැහැදිලි කළේය. එම දේශනය චීනයේ සංවර්ධනය ගැන අවබෝධ කර ගැනීම සඳහා ලෝකයට ගැඹුරු පිළිතුරකි.

නව සංවර්ධන රටාවක් ගොඩ නැගීම චීනයේ සංවර්ධන අවධිය හා සංවර්ධන තත්ත්වයන් මත පදනම් වූ උපායමාර්ගික තේරීමක් බවත්,එහිදී ආර්ථික ගෝලීයකරණය සහ බාහිර පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව පූර්ණ සැලකිල්ලක් දක්වන බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. ලොව පුරා රටවල් සඳහා වැඩි ඉල්ලුමක් ඇති කිරීම සඳහා චීන වෙළඳපලෙහි විභවය මුළුමනින්ම උත්තේජනය වනු ඇත. ලොව අනෙකුත් රටවල් සමඟ සංවර්ධන අවස්ථා විවෘත කිරීමට හා බෙදා ගැනීමට චීනය තවදුරටත් දොර විවර කරනු ඇතැයි ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.එමෙන්ම චීනයේ විදේශ සහයෝගීතාවය ලෝකයේ අනෙකුත් රටවල් සමඟ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵල ළඟා කර ගැනීම වෙනුවෙන් අඛණ්ඩව පවත්වා ගැනේ.  ලෝකයට ප්‍රතිලාභ ලබා දෙන මෙම ක්ෂේත්‍ර තුනෙහි පොදු මූල පදයක්  අන්තර්ගතය, එනම් “බෙදාගැනීම”. එය ලෝක ආර්ථික ප්‍රකෘතිය සහ අනෙකුත් රටවල් සමඟ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී චීනයේ අවංකභාවය පිළිබිඹු කරයි.

මෑතකදී අත්සන් කරන ලද “කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම” (RCEP) ලෝකයේ විශාලතම නිදහස් වෙළඳ ප්‍රදේශය පිහිටුවීමට පහසුකම් සලසා ඇති අතර එය ආසියා පැසිෆික් නිදහස් වෙළඳ ප්‍රදේශය (FTAAP) ක්‍රියාවලියේ විශාල ඉදිරි පියවරකි. ආසියා-පැසිෆික් සහයෝගීතාවයේ ශක්තිමත් ආධාරකරුවෙකු ලෙස චීනය විවිධ ආර්ථිකයන් සමඟ කටයුතු කරමින් ආසියා-පැසිෆික් නිදහස් වෙළඳ කලාපය ‍ දර්ශනයේ සිට යථාර්ථය දක්වා ප්‍රවර්ධනය කිරීමට සහ ලෝක ආර්ථික වර්ධනය සඳහා වැඩි ශක්තියක් ඇති කිරීමට කටයුතු කරමින් සිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන