වේගයෙන් ප්‍රකෘතිමත් වෙමින් පවතින චීන ආර්ථිකය
2020-11-17 21:39:25
Share with:

පසුගිය දා චීනය ඔක්තෝබර් මාසයේ ආර්ථික දත්ත නිකුත් කර තිබේ. පසුගිය ඔක්තෝබර් මස චීන ආර්ථිකය වඩාත් වේගයෙන් වර්ධනය වීම හේතුවෙන් මේ වසරේ ආර්ථික වර්ධනයක් අත්කර ගන්නා එකම ආර්ථිකය බවට චීනය පත් වනු ඇතැයි Bloomberg පුවත් සේවය වාර්තා කළේ ය. Reuters ප්‍රවෘත්ති සේවය පවසා ඇත්තේ ඔක්තෝබර් මස චීනය ලද ආර්ථික වර්ධනය අපේක්ෂාව ඉක්මවා යාමක් බවයි.

ඇත්ත වශයෙන් චීන ආර්ථිකය ස්ථිර ලෙස පුනරුත්ථාපනය වෙමින් පවතී. පසුගිය ඔක්තෝබර් මාසයේ චීනයේ සිල්ලර අලෙවිය මෙතෙක් වාර්තා වූ වේගවත් ම ආකාරයට වර්ධනය වූ බව බ්‍රිතාන්‍යයේ Financial Times පුවත්පත වාර්තා කර ඇත. කොරොනා වසංගතයෙන් නිදහස් වී ඇති චීන ආර්ථිකය සීග්‍රයෙන් යථා තත්ත්වයට පත් වීම සඳහා චීන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ඉහළ යාම, වැදගත් මෙහෙයුම් බලයක් බව එම පුවත්පත කියා සිටී.

රැකියා නියුක්තිය ජනතාවගේ ජීවන අවශ්‍යතා අතරින් ප්‍රධාන වේ. කොරොනා වසංගතයෙන් රැකියා නියුක්තියට ඇති වූ බලපෑම් සුළුපටු නොමැත. පසුගිය ඔක්තෝබර් මාසයේ චීනයේ නගර හා උපනගරවල විරැකියා අනුපාතය 5.3%කි. එය පසුගිය සැප්තැම්බර් මාසයට වඩා 0.1%කින් අඩු විය. එමෙන් ම ඔක්තෝබර් මාසය වන විට චීනයේ නගර හා උපනගරවල අලුතින් වැඩි වූ රැකියා අවස්ථා මිලියන 10ක් ඉක්මවා ගොස් තිබේ. එමගින් මේ වසරේ සමස්ත රැකියා නියුක්තිය වර්ධනය කිරීමේ ඉලක්කය චීනය කල් ඇතිව සපුරාලීමට සමත් වී ඇත. රැකියා නියුක්තිය ඇතුළු ජනතා අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් චීනය ගෙන ඇති පියවර ඉතා ඵලදායී වන බැවින් එය රටේ ආර්ථික ප්‍රකෘතිය සඳහා මූලික සහතිකයක් සපයා දී තිබේ.

සාර්ථක කොරොනා වසංගත පාලනය, චීන ආර්ථිකය වේගයෙන් පුනරුත්ථාපනය වීමට අත්‍යවශ්‍ය සාධකයකි. දෙවන කාර්තුවේ සිට චීන ආර්ථික දත්ත තව තවත් සුබවාදී තත්ත්වයක් පෙන්නුම් කර තිබේ. ‍මෙය, එම සාධකය සඳහා වන හොඳම සාක්ෂියකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන