චීනයේ ටිබෙට් ස්වායත්තයේ ශැන් නැන් නගරයේ පිහිටි Pu Ma Jiang Tang ග්‍රාමීය ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට මීටර් 5373ක් ඉහළ ප්‍රදේශයක පිහිටා තිබේ. එහි ඔක්සිජන් ප්‍රමාණය මුහුදු මට්ටමේ ප්‍රමාණයෙන් 40%ක් ලෙස සැලකේ. එම ප්‍රදේශය චීනයේ මුහුදු මට්ටමේ සිට උසින්ම පිහිටි ග්‍රාමීය ප්රදේශයයි. මෑත වසර වලදී, චීන මධ්‍යම රජයේ හා ප්‍රාදේශීය රජයේ උත්සාහය යටතේ, Pu Ma Jiang Tang හි එඬෙර ජනතාවගේ දෛනික පහසුකම් හා නිෂ්පාදන කටයුතු විශාල වශයෙන් යහපත් වී ඇත. එම ප්‍රදේශයට අනුබද්ධ සෑම ගම්මානයක් සඳහා ම, පෙර පාසල්, වෛද්‍ය මධ්‍යස්ථාන, ඔක්සිජන් සැපයුම් කාමර ඇතුළු යටිතල පහසුකම් සපයා තිබේ. එහි විශේෂ හා සාම්ප්‍රදායික ආහාර නිපයුම් ද මැනවින් ප්‍රචලිත වී ඇත. ජනතාවන්ගේ ආදායම් මට්ටම් ඉහළ නැංවීමට එය හේතු වී තිබේ.